Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටිම් සවුතිගේ (65/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඩුනේදීන්හිදි පැවැති තෙවැනි එක්දින තරගය ලකුණු 88 කින් ජයගත් නවසීලන්තය තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියද 3-0 ක් ලෙස ජයගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

හෙන්රි නිකොල්ස් (64), රෝස් ටේලර් (69) සහ ටොම් ලතෑම් (59)  අර්ධ ශතක රැස්කරමින් නවසීලන්තය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ ජේම්ස් නීශාම් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් සහ කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කිරීමට සමත්විය.

දැඩි පහරදීමකට ලක්වූ මුස්ටෆිසූර් රහ්මාන් ඕවර 10 ක් යවමින් ලකුණු 93 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 47.2 කදී සියලුදෙනා දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 242 ක් පමණි.

මුල්පෙල පිතිකරුවන් ආසාර්ථක වනවිට හුදකලා සටනක නිරතවූ සබීර් රහ්මන් පන්දු 110 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 61 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ සබීර් රහ්මන් සහ මොහොමඞ් සයිෆුඩීන් පන්දු 117 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

සබීර් රහ්මන්ට අනගි සහයක් ලබාදුන් මොහොමඞ් සයිෆුඩීන් පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර මෙහෙදි හසන් පන්දු 34 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 37 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටිම් සවුති ඕවර 9.2 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 65 කට කඩුලු 6 ක් දවාගත්තේය. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 330
(මාටින් ගප්ටිල් 29, හෙන්රි නිකෝල්ස් 64, රොස් ටේලර් 69, ටොම් ලැතෑම් 59, ජේම්ස් නීශාම් 37, කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් නොදැවී 37, මුස්ටෆිසූර් රහ්මාන් 93/2)

බංග්ලාදේශය - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී 242
(සබීර් රහ්මන් 102, මොහොමඞ් සයිෆුඩීන් 44, මෙහෙදි හසන් 37, ටිම් සවුති 65/6, ට්‍රෙන්ට් බෝල්ට් 37/2)

 


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.