Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින තරගාවලියේදී කෝලිට විවේක

එක්දින තරගාවලියේදී කෝලිට විවේක

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙසැම්බර් මස 10 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වීමත් සමග ඉන්දීය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි 3 ක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිතරවීමට නියමිතව ඇති බැවින් එම තරගාවලියට පෙර කෙටි විවේකයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට කෝලි ඇතුළත් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්ක පිතිකරු රෝහිත් ශර්මාට හිමිවී තිබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාර්ථකම නායකයා ලෙස සැලකෙන රොහිත් ශර්මා, සිය නායකත්වය යටතේ තෙවරක්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා මෙහෙයවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන 2 වැනිදා නාග්පූර්හිදී ආරම්භ වීමට නියමිත අතර පෞද්ගලික හේතුවක් මත දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තෙවැනි ටෙස්ට් තරගයේදී නැවතත් කණ්ඩායමට එක්වීමට නියමිතය.


තෙවැනි ටෙස්ට් තරගය සඳහා ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, ශිකර් ධවාන්, චෙටේෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා, රිදිමන් සාහා, රවිචන්ද්‍රන් අෂ්වින්, රවින්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, ඉෂාන්ත් ශර්මා සහ විජේ ශංකර්


එක්දින තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශිකර් ධවාන්, අජින්ක්‍යා රහනේ, ශ්‍රෙයාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, කේදර් ජාදව්, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, අක්ෂර් පතෙල්, කුල්දීප් යාදව්, යුෂ්වින්දර් චාහල්, ජස්ප්‍රීත් බුම්රා, බුවනේෂ්වර් කුමාර් සහ සිද්ධාර්ත් කෞල්


- 036

 


අදහස් (0)

එක්දින තරගාවලියේදී කෝලිට විවේක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.