Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙසැම්බර් 10 වැනිදා ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා හට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව තිසර පෙරේරා මෙම වසර තුළ එක්දින තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ හයවැනි නායකයා බවට පත්වනු ඇත. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර සහ උපුල් තරංග මෙම වසර (2017) තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙයෙවීමේ වගකිම දැරූ සෙසු නායකයෝ වෙති.
එක්දින තරග 125 කට ක්‍රීඩාකර ඇති තිසර පෙරේරා ලකුණු 1441 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 17.57 කි. මෙතෙක් කඩුලු 133 ක් දවාගෙන ඇති තිසර පෙරේරාගේ හොඳම පන්දු යැවීම වන්නේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගැනීමයි.
තරග 22 කට නායකත්ව ලබාදුන් උපුල් තරංගට ඉන් ජයගැනීමට හැකිවූයේ තරග 4 ක් පමණක් වන අතර තරග 16 ක් පරාජයට පත්වී තරග 2 ක් විසදුමකින් තොරව අවසන් වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.