Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කණ්ඩායමට අවසන් මොහොතේදී සිය අනුමැතිය දීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ. මෙම කණ්ඩායමට අනුමැතිය නොදීමට ඇමතිවරයා කලින් තීරණය කර තිබුණු බව වාර්තා වූවත් පළමු එක්දින තරගයට පෙර ඉතිරි වී ඇති සීමිත කාලය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයන් 16 දෙනකුට අනුමැතිය දීමට ඇමතිවරයා අද දහවල් තීරණය කර තිබේ.
මෙම කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාම පිණිස ඊයේ (4 වැනිදා) රාත්‍රියේ ගුවන්තොටුපොළ වෙත ගියද ඔවුන් සියලු දෙනාටම ආපසු හැරී සිය නිවෙස් බලා යාමට සිදුවිය.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඇමතිවරයා පැවසුවේ තමන්ගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීම සඳහා කිසිවකුට විදෙස් ගත විය නොහැකි බවත් මෙම ක්‍රීඩකයන් විදේශගත වීමට සූදානම් වන අවස්ථාවේදී තමන් ඒ සඳහා අනුමැතිය දී නොතිබූ බවත්ය.
“කොහොම වුණත් මම අද දහවල් ඒ ක්‍රීඩකයන් 16 දෙනාට අනුමැතිය දුන්නා” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
තේරීම් කමිටු නිලධාරීන්ගේ නිර්දේශය වී ඇත්තේ ක්‍රීඩකයන් 15 දෙනකු සහ අතිරේක ක්‍රීඩකයන් සිවු දෙනෙකි. එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයාට යැවූ ලිපියේ එක්දින කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගේ නම් ඇතුළත් වී තිබිණ. කණ්ඩායම නිර්දේශ කළ ලිපියේ සඳහන් නම් සහ ලිපියෙන් කියැවෙන සංඛ්‍යාව අතර පරස්පරයක් තිබීම හේතුවෙන් කණ්ඩායමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කිරීමට ඇමතිවරයා සූදානම් වූවත් නැවතත් තේරීම් කමිටු රැස්වීමක් පවත්වා කණ්ඩායම තෝරා ගැනීමට යාමට ගතවන කාලය සැලකිල්ලට ගනිමින් කලින් තෝරාගත් කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයා අනුමැතිය දී තිබේ.
එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම තෝරා ගෙන දින කිහිපයක් ගතවූ නමුත් තමන් වෙත එම සංචිතය පිළිබඳ විස්තර ලැබී තිබුණේ ඊයේ (4 වැනිදා) සවස 5.30 ට පමණ බවද ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. අමාත්‍යවරයාට දන්වා යවා ඇති පරිදි කණ්ඩායම තෝරගනු ලැබ ඇත්තේ මේ මස 1 වැනිදාය.
සාමාන්‍යයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් කණ්ඩායමකට අනුමැතිය දෙනු ලබන්නේ කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය කණ්ඩායම සමගින් සාකච්ඡා කිරීමෙන් පසුවය. එහිදී ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ වර්තාද සලකා බැලේ.
ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමි කරගත් අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාම එක්දින සංචිතයට ඇතුළත්ව සිටිති. කෙසේ වෙතත් මෙම එක්දින කණ්ඩායමෙන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම
තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්
අතිරේක ක්‍රීඩකයෝ
විශ්ව ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්, දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.