Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

එක්දින කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ මස 9 වැනිදා නිළ වශයෙන් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව ඇත. 
 
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අතර දෝලනය වෙමින් පැවැති එක්දින කණ්ඩායමේ නායකත්වය විවිධ හේතූන් මත ඇන්ජලෝ මැතිව්ස් පැවරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීයෙක් පැවසීය.
 
ඇන්ජලෝ මැතිව්ස් වරින් වර ආබාධයන්ට ලක්වුවද ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් තුනේම ස්ථීර ස්ථානයක් වෙන්කර ගෙන සිටින ක්‍රීඩකයෙකි. කණ්ඩායම හොදින් මෙහෙයවමින් ලකුණු අතර සිටින දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවරවී තිබුණද එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි ස්ථීර ස්ථානයක් ඔහුට නොමැත.
 
2019 දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වා බලපැවැත්වෙන මෙම පත්කිරීමට ලකුණු අතර සිටීමත් බෙහෙවින් වැදගත් වෙයි.  යම් හෙයකින් එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කිරීමෙන් පසුව ලකුණු අතර ඒමට ඔහුට නොහැකි වුවහොත් කණ්ඩායම තේරීමේද ගැටළු පැන නැගීමට වැඩි ඉඩ ප්‍රස්ථා ඇති බැවින් ඇන්ජලෝ මැතිව්ස්ට තේරීම් කමිටුවේ වැඩි කැමැත්ත හිමිවී තිබේ. 
 
එසේ වුවහොත් 2014 දී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නිල නායකයා වූ දිනේෂ් චන්දිමාල්ට නැවතත් එවැනිම සිදුවීමකට මුහුණ දීමට ඉඩ නොතැබීමේ අරමුණ ඇතිව තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
 
අනෙක් අතට නායකත්වය ලබාදෙමින් දිනේෂ් චන්දිමාල් පීඩනයට පත් නොකිරීමට වගබලාගත් තේරීම් කමිටුව ඔහුට පිතිකරුවකු ලෙස ස්ථාවර වීමට අවස්ථාව දී ඇත.
 
ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි නායකත්වට එක් අයෙකු සිටියානම් වඩාත් සුදුසුබව  පුහුණුකරුවන්ගේ  අදහස වූවත් අනෙකුත් හේතු සලකා බලමින් එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකත්වය මැතිව්ස්ට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. 
 

අදහස් (0)

එක්දින කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.