Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක ගුණතිලකගේ (119) පිතිහරඹය හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායමට හැකිවිය.
ජයග්‍රහණය කරා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී කණ්ඩායම කඩුලු 6 ක් දැවී පන්දු 25 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කරගත්තේය.
කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස්කිරීමේ නිරතවූ ධනුෂ්ක ගුණතිලක පන්දු 122 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත්විය.
දසුන් ශානක සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 101 කදි ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සමත්විය.
අවසන් මොහොතේ එන්.සී.සී පන්දු යවන්නන් හමුවේ තරමක පසුබෑමකට එස්.එස්.සී කණ්ඩායම ලක්වුවද චරිත් අසලංක සහ තිසර පෙරේරා හත්වැනි කඩුල්ල සදහා පන්දු 22 කදී ලකුණු 33 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් එස්.එස්.සී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
චරිත් අසලංක පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කළ අතර තිසර පෙරේරා පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස්කිරීමට සමත්විය.
දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් සහ සචින්ත පීරීස් කඩුලු 2 ක් දවාගනිමින් එන්.සී.සී කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා එන්.සී.සී කණ්ඩායමට ආරාධනා කළ අතර තනි සටනක නිරතවූ දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය හමුවේ ඔවුන් ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236 ක් රැස්කිරීමට සමත්වූහ.
පසුගිය කාළය පුරා ලකුණු අතර නොසිටි දිනේෂ් චන්දිමාල් අවසන් තරගයේදී තම කණ්ඩායමේ සගයින් එකිනෙකා දැවීයන විට එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ශතකයක් රැස්කිරීමට සමත්විය. පන්දු 123 කට මුහුණදුන් චන්දිමාල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළේය.
සිවුවැනි කඩුල්ල සදහා ඇන්ජලෝ පෙරේරා සමගින් ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දිනේෂ් චන්දිමාල් නවවැනි කඩුල්ල සදහා සචින්ත පීරිස් සමගින් ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
ධම්මික ප්‍රසාද් කඩුලු 3 ක්ද ජෙෆ්රි වැන්ඩසේ සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින්ද දවාගනිමින් එස්.එස්.සී කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එන්.සි.සී - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(නිරෝෂන් දික්වැල්ල 33, දිනේෂ් චන්දිමාල් 103, මහේල උඩවත්ත 20, ඇන්ජලෝ පෙරේරා 21, ධම්මික ප්‍රසාද් 42/3, ජෙෆ්රි වැන්ඩසේ 34/2, තිසර පෙරේරා 42/2)
එස්.එස්.සී - ඕවර 45.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 239
(ධනුෂ්ක ගුණතිලක 119, දසුන් ශානක 26, චරිත් අසංලක නොදැවී 27, දුශ්මන්ත චමීර 41/3, සචින්ත පීරීස් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.