Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තරග 6 ක් අද (13 වැනිදා) අවසන්වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ හිමිකර ගැනීමට එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් සමත්වූහ.
එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව ලකුණු 258 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී කණ්ඩායම සමත්වූ අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මීගමුව පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් කණ්ඩායම සමත්විය.
තුන් ඉරියව් දස්කම් දැක්වූ චතුරංග ද සිල්වා ශතකයක් (100) සහ කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් එන්.සී.සී. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. පන්දුවෙන් දස්කම් දැක්වූ සචින්ත පිරීස් දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
සැරසන්ස් කණ්ඩායයම ජයග්‍රහණය කරා යෑමේදී හරීන් වීරසිංහ සහ චාමිකර එදිරිසිංහ කඩුලු 7 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 4 ක් බී.ආර්.සී, පනාගොඩ යුදහමුදා, මුවර්ස් සහ මොරටුව ද සොයිසා යන ක්‍රීඩාංගණ වලදී අවසන්වූ අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට කෝල්ට්ස්, යුද හමුදාව, ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් සමත්වූහ.
අවසන්වූ මෙම සති අන්තයේදී කෝල්ට්ස් පිලේ නායක ප්‍රියමාල් පෙරේරා මෙවර තරගාවලියේදී දෙවැනි ද්විත්ව ශතකයත් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව රාගම පිලේ සචිත්‍ර සේරසිංහ (160), බී.ආර්.සී පිලේ රමින්ද විජේසූරිය (104) සහ මූවර්ස් පිලේ චාමර පෙරේරා (105) ශතක ලබාගැනීමට සමත්වූහ.
බී.ආර්.සී පිලේ තිලකරත්න සම්පත් කඩුලු 6 ක් ද ද්‍රවිඩ සංගම් පිලේ ජීවන් මෙන්ඩිස්, මූවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස්, සී.සී.සී පිලේ වනිඳු හසරංග කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එන්.සී.සී සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පිලට ලකුණු 258 ක ජයක්
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(හසිත බෝයගොඩ 34, චතුරංග ද සිල්වා 39, මාලිංග අමරසිංහ 54, සමිත රංග 42, සාරංග රාජගුරු 27, චමින්ද බණ්ඩාර 55/3, අනුක් ද අල්විස් 11/2, ඉමේෂ් උදයංග 52/2, චානක කොමසාරූ 59/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 75 කදී සියලුදෙනා දැවී ලකුණු 230
(ප්‍රිමෝෂ් පෙරේරා 76, රමේෂ් නිමන්ත 26, අදීශ නානායක්කාර නොදැවී 56, අනුක් ද අල්විස් 37, චතුරංග ද සිල්වා 99/4, සචින්ත පිරීස් 42/3)
එන්.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 72 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 365
(ළහිරු උදාර 64, මහේල උඩවත්ත 93, චතුරංග ද සිල්වා 100, නිමේෂ ගුණසිංහ නොදැවී 50, මාලිංග අමරසිංහ නොදැවී 43, චානක කොමසාරූ 94/2)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 23.5 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ඉමේෂ් උදයංග 22, සචින්ත පිරීස් 49/5, දිලේෂ් ගුණරත්න 27/3)
මීගමුව සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් පිලට කඩුලු 8 ක ජයක්
මීගමුව - පළමු ඉනිම - ඕවර 65 කදී සියලුදෙනා දැවී ලකුණු 216
(ශෙහාන් ජයසූරිය 62, අශේන් සිල්වා 26, ලසිත් කෲස්පුල්ලේ 56, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 31, චාමිකර එදිරිසිංහ 51/4, හරීන් වීරසිංහ 29/2, සාලිය සමන් 30/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 134 කදී සියලුදෙනා දැවී ලකුණු 302
(මිලින්ද සිරිවර්ධන 41, අශේන් බණ්ඩාර 64, නිපුන් කරුණානායක 74, චාමික එදිරිසිංහ 54, හරීන් වීරසිංහ නොදැවී 22, උපුල් ඉන්ද්‍රසිරි 76/5, ශෙහාන් ජයසූරිය 108/3, රොශේන් ප්‍රනාන්දු 53/2)
මීගමුව - දෙවැනි ඉනිම - ඕවර 55.4 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(අශේන් සිල්වා 35, සහන් ආරච්චිගේ 28, හරීන් වීරසිංහ 39/5, චාමිකර එදිරිසිංහ 41/3)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 58
බී.ආර්.සී සහ කෝල්ට් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්
කෝල්ට් - පළමු ඉනිම - ඕවර 128.5 කදී සියලුදෙනා දැවී ලකුණු 391
(හෂාන් දුමිඳු 42, නිශාන් මදුෂ්ක 46, ප්‍රියමාල් පෙරේරා 200, ප්‍රවීන් ජයවික්‍රම 21, තිලකරත්න සම්පත් 86/6, දුවිඳු තිලකරත්න 129/2)
බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 80 කදී සියලුදෙනා දැවී ලකුණු 354
(භානුක රාජපක්ෂ 21, රුමේෂ් බුද්ධික 62, හෂේන් රාමනායක 47, රමින්ද විජේසූරිය 104, විකුම් සංජය නොදැවී 48, අකිල ධනංජය 104/4, සංගීත් කුරේ 38/2)
කෝල්ට් - දෙවැනි ඉනිම - ඕවර 57.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 194
(සංගීත් කුරේ 95, හෂාන් දුමිඳු 33, විශාද් රංදික 50, රුමේෂ් බුද්ධික 41/2, දුවිඳු තිලකරත්න 90/2)
යුද හමුදාව සහ රාගම කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව පිලට පළමු ඉනිමේ ජයක්
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 109.2 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(ලක්ෂාන් එදිරිසිංහ 38, ලක්ෂිත මදුශාන් 42, දුශාන් විමුක්ති 62, සංජික රිද්ම 62, ජනිත් සිල්වා 24, අමිල අපෝන්සු 75/4, නිශාන් පිරීස් 72/3, ඉෂාන් ජයරත්න 65/2)
රාගම - පළමු ඉනිම - ඕවර 88.3 කදී සියලුදෙනා දැවී ලකුණු 226
(දිනෙත් තිමෝද්‍ය 44, සමින්ද ප්‍රනාන්දු 43, සුපේෂල ජයතිලක 57, සමීර ද සොයිසා 33, චතුර පිරීස් 25, ජනිත් සිල්වා 44/4, ලක්ෂාන් මදුසංක 70/3, දුශාන් විමුක්ති 66/2)
යුද හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 66 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 281
(ලක්ෂිත මදුශාන් 80, හිමාෂ ලියනගේ නොදැවී 88, සංජික රිද්ම 40, ශෙහාන් ප්‍රනාන්දු 21/2, නිශාන් පිරීස් 71/2)
ද්‍රවිඩ සංගමය සහ මූවර්ස් කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 95.3 කදී සියලුදෙනා දැවී ලකුණු 326
(පබසර වඩුගේ 24, ඉරෝෂ් සමරසූරිය 24, චරිත කුමාරසිංහ 36, අයන සිරිවර්ධන 31, චාමර සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් 76, නිපුන් සුභසිංහ 35, ජීවන් මෙන්ඩිස් 121/5, දමිත සිල්වා 59/3)
රාගම - පළමු ඉනිම - ඕවර 95.5 කදී සියලුදෙනා දැවී ලකුණු 361
(සිතාර ගිම්හාන් 30, තරංග පරණවිතාන 57, සචිත්‍ර සේරසිංහ 160, දමිත සිල්වා නොදැවී 49, ශෙහාන් මදුශංක 21, රමේෂ් මෙන්ඩිස් 124/5)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 63 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 329
(පබසර වඩුගේ 64, අයන සිරිවර්ධන 31, චාමර සිල්වා 105, රමේෂ් මෙන්ඩිස් 65, ළහිරු අත්තනායක නොදැවී 52, ශෙහාන් මදුශංක 26/2, ජීවන් මෙන්ඩිස් 115/2)
සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 101 කදී සියලුදෙනා දැවී ලකුණු 378
(රොන් චන්ද්‍රගුප්ත 36, මාධව වර්ණපුර 59, මිනෝද් භානුක 27, වනිඳු හසරංග 82, ලසිත් අබේරත්න 49, මලිඳු මදුරංග 41, මාලින්ද පුෂ්පකුමාර 28, ළහිරු ගමගේ නොදැවී 26, සචිත් පතිරණ 154/4, ළහිරු සමරකෝන් 33/2, බුද්ධික සංජීව 94/2)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 248
(සාලින්ද උෂාන් 20, නදීර නාවල 45, සුබ්‍රමනියම් ආනන්ද් 40, ප්‍රමුද් හෙට්ටිවත්ත 59, වනිඳු හසරංග 78/5, මාලින්ද පුෂ්පකුමාර 91/3, විශ්ව ප්‍රනාන්දු 41/2)
සී.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 83 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 357
(රොන් චන්ද්‍රගුප්ත 27, මාධව වර්ණපුර 55, මිනෝද් භානුක 57, ළහිරු මදුශංක 61, ලසිත් අබේරත්න නොදැවී 73, වනිඳු හසරංග 43, ටටේන්ඩ ටයිබු 24/3, අලංකාර අසංක 28/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 63
(රොන් චන්ද්‍රගුප්ත 01/2, වනිඳු හසරංග 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.