Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්

එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයකදී සී.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද (25 වැනිදා) සමත් විය.
 
ලකුණු 143 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩා සමාජයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක් රැස්කිරීමට වනිඳු හසරංග සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාරංග රාජගුරු එහිදී ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත් අතර දිනේෂ් ගුණරත්න, සචින්ත පීරිස් සහ සචින්ද කොළඹගේ කඩුලු 2 බැගින් දවාගනිමින් සී.සී.සී. කණ්ඩායමේ ජයග්‍රාහී මඟ අවහිර කිරීම සඳහා සාරංගට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහේල උඩවත්ත, සෙසු ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන ලකුණු 48 ක් රැස්කළේය.

පන්දු 42 කට මුහුණදුන් උඩවත්ත හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසීය. එන්.සී.සී. කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් පන්දු 17 කදී ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.


එන්.සී.සී.කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 142
(දිනේෂ් චන්දිමාල් 31, මහේල උඩවත්ත 48, පැතුම් නිස්සංක 19, මාලිංග අමරසිංහ 14, අෂාන් ප්‍රියන්ජන් 18/2, වනිඳු හසරංග 19/2)

සී.සී.සී. කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 141
(ඩිල්ෂාන් මුණවීර 25, අෂාන් ප්‍රියන්ජන් 19, වනිඳු හසරංග 38, ළහිරු මධුෂංක 14, සාරංග රාජගුරු 34/3, දිනේෂ් ගුණරත්න 24/2, සචින්ත පීරිස් 27/2, සචින්ද කොළඹගේ 28/2)

 


අදහස් (0)

එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.