Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව ඇඩිලේඞ් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 323 ක ඉලක්කයක් හඹා යමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 84 ක් ඇතුළතදී අහිමි කරගැනීම නිසා සත්කාරක කණ්ඩායම අලි අමාරුවක වැටී සිටී. ෂෝන් මාෂ් (නොදැවී 31) සහ ට්‍රැවිස් හෙඞ් (නොදැවී 11) දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව 104 දක්වා ඇදගෙන ගියද අපේක්‍ෂිත ඉලක්කයට ළඟාවීම සඳහා තවත් ලකුණු 219 ක් ලබාගත යුතුව තිබේ.
ඇඩිලේඞ් පිටියේ ටෙස්ට් තරගයක අවසන් දිනයේදීලකුණු 219 ක් ලබාගැනීම පහසු අභියෝගයක් නොවේ.
තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (8 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 166 ක් ඉදිරියෙන් සිටි ඉන්දියාව අද පෙරවරුවේදී සිය දෙවැනි ඉනිම 307 ක් දක්වා දිගුකළේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 323 ක අභියෝගයක් ඉදිරිපත් කරමිනි. ඉන්දීය උපනායක අජින්ක්‍යා රහනේ හතරේ පහර 7 ක් සහිතව ලකුණු 70 ක් ලබාගත් අතර මුල් ඉනිමෙදී ශතකයක් ලබාගත් චෙටේස්වාර් පුජාරා ඉවසීමෙන් යුතුව ලකුණු 71 ක් ලබාගත්තේය. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 87 කි.
ඉන්දීය පිල සිය දෙවැනි ඉනිමේ එක් අවස්ථාවක කඩුලු 6 ට ලකුණු 303 ක් ලබා සිටියද අවසන් පිතිකරුවන් හතර දෙනාම ලකුණු 4 ක් ඇතුළත දැවී යාම නිසා ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණයේ සියුම් අපේක්‍ෂාවක් ඇතිවිය. පිට දඟ පන්දු යවන නේතන් ලයන් ලකුණු 122 කට කඩුලු 6 ක් දවාගත් අතර මිචෙල් ස්ටාක් කඩුලු 3 ක් දවාගත්තේය.
කෙසේ වෙතත් මෙම තරගය ජයගැනීමට නම් ඇඩිලේඞ් පිටියේදී ඉතිහාසය අලුතෙන් ලියැවීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට සිදුවෙයි. ඇඩිලේඞ් පිටියේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලකුණු 300 ඉක්මවා ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 1902 දී එංගලන්තය පිලට එරෙහිව ලකුණු 315 ක් ලබාගැනීමෙනි. මෑත කාලයේදී ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා ඇඩිලේඞ් පිටියේදී සිව්වැනි ඉනිමේදී කළ සාර්ථක පිතිහරඹය වන්නේ 1982 දී කොදෙව් පිල ලකුණු 239 ක් ලබාගැනීමයි.
ඉන්දියාව - පළමු ඉනිම 250
(චෙතේෂ්වර් පුජාරා 123, රෝහිත් ශර්මා 37, රිෂාබ් පාන්ට් 25. රවිචන්ද්‍රන් අශ්වින් 25, ජොෂ් හේසල්වුඞ් 52/3, පැට් කමින්ස් 49/2, මිචෙල් ස්ටාර්ක් 63/2, නේතන් ලයන් 83/2)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම - 235
(මාකස් හැරිස් 26, උස්මාන් කවාජා 28, පීටර් හැන්ඩ්ස්කෝම්බ් 34, ට්‍රැවිස් හෙඩ් 72, පැට් කමින්ස් 10, මිචෙල් ස්ටාක් 15, නේදන් ලයන් නොදැවී 24, රවිචන්ද්‍රන් අශ්වින් 57/3, ඉශාන්ත් ශර්මා 47/2, ජස්ප්‍රීට් බුම්රා 47/2, මොහොමඩ් ශාමි 58/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම 307 යි
ලෝකේෂ් රාහුල් 44, මුරලි විජේ 18, චෙටේස්වාර් පුජාරා 71, විරාට් කෝලි 34, අජින්ක්‍යා රහනේ 70, රිෂාබ් පන්ට් 28, මිචෙල් ස්ටාක් 40/3, නේතන් ලයන් 122/6)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 4 ට 104 යි
(ඒරන් ෆින්ච් 11, මාකස් හැරිස් 26, ෂෝන් මාෂ් නොදැවී 31, පීටර් හැන්ඞ්ස්කොම්බ් 14, ට්‍රැවිස් හෙඞ් 11, රවිචන්ද්‍රන් අශ්වින් 44/2, මොහොමඞ් ෂාමි 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.