Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹායමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් ලබා අසීරු තත්වයකට පත්ව සිටියේය.
ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් අතැතිව ඉන්දියාවට වඩා තවත් ලකුණු 141 ක් පසුපසින් සිටියි. දිනය නිමාවන විට පැට් කමින්ස් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 ක්ද, නේදන් ලයන් ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 43 කි.
මායන්ක් අගර්වාල් සමග එක්ව ආරම්භක පිතිකරු මාකස් හැරිස්ගේ ඉනිම ලකුණු 13 කට සීමා කළ රවින්ද්‍ර ජදේජා, ඉන් නොනැවතී මිචෙල් මිචෙල් (10) සහ නායක ටිම් පේන්ද (26) පිටියෙන් ඉවත් කළේ විරාට් කෝල්ගේ සහ රිෂාබ්පාන්ගේ සහායද ඇතිවය. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කිරීම සඳහා ජදේජාට අනගි සහායක් දුන් ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඞ් ශාමි කඩුලු 2 බැගින් දවාගත්හ.
එහිදී උස්මාන් කවාජා හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, ෂොන් මාෂ් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද, ට්‍රැවීස් හෙඞ් හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
තෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 52 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගත් අතර නායක විරාට් කෝලිද සමගින් ඉන්දීය පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කමින්ස් සමත් විය.
ඉන්දියාව - පළමු ඉනිම 443
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 151
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 8 කට 108
(හනුමා විහාරි 13, මයන්ක් අග්‍රවාල් 42, රිෂාබ් පාන්ට් 33, පැට් කමින්ස් 27/6, ජොෂ් හෙසල්වුඞ් 22/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 8 කට 258
(උස්මාන් කවාජා 33, ෂෝන් මාෂ් 44, ට්‍රවැස් හෙඞ් 34, ටිම් පේන් 26, පැට් කමින්ස් නොදැවී 61, මිචෙල් ස්ටාක් 18, රවින්ද්‍ර ජදේජා 83/3, ජස්ප්‍රීට් බුම්රා 53/2, මොහොමඞ් ශාමි 71/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.