Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (24 වැනිදා) බ්‍රිස්බේන්හිදී ආරම්භවන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සම උප නායකවරුන් ලෙස පිතිකරු ට්‍රැවිස් හෙඞ් සහ වේග පන්දු යවන්නකු වන පැටි්‍රක් කමින්ස් පත්කිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
කණ්ඩායමේ උප නායකයාව සිටි ජෝෂ් හේසල්වුඞ් පිට කොන්දේ ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට හේසල්වුඞ්ට සිදුවිය. තවත් හිටපු උපනායකයකු වූ මිචෙල් මාෂ් මෙවර සංචිතයට ඇතුළත් නොවේ.
පසුගිය වසරේ සිට ට්‍රැවිස් හෙඞ් නායකත්වට ඔබින අපේක්‍ෂකයකු ලෙස ක්‍රීඩා කරමින් සිටි බව ජාතික තේරීම් කමිටුවේ කැඳවුම්කරු ට්‍රේවර් හෝන්ස් මහතා ප්‍රකාශ කළේය.
“ක්‍රීඩා පිටිය තුලදී මෙන් ඉන් පිටතදීත් පැටි්‍රක්ගෙන් (කමින්ස්) ශක්තිමත් නායකත්වයක ලකුණු දැක බලාගන්න පුලුවන් වුනා. එමෙන්ම ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේදී ගරුකළ යුත්තන්ට ගරු කිරීමටද ඔහු හොඳින්ම දන්නවා. ඔහු නියත වශයෙන්ම ඔප්පුකරලා තියෙනවා කණ්ඩායමක වටිනාකම සහ ප්‍රමිතිය පවත්වා ගන්නේ කොහොමද කියලා.” යයිද හෝන්ස් මහතා පැවසීය.
මේ මස මුලදී ඉන්දියාව හමුවේ ඕස්ටේ්‍රලියාව ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වුවත් බ්‍රහස්පතින්දා ඇරඹෙන දිවා-රාත්‍රි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශක්තිමත්ව මුහුණදීමට සුදානම් බවත් ට්‍රේවර් හෝන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.