Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාව ඉහළට එංගලන්තය පහළට

ඕස්ට්‍රේලියාව ඉහළට එංගලන්තය පහළට

Nisanka Sandeepani - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගියදා අවසන්වූ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති අළු බඳුන තරගාවලිය 4-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගැනීමත් සමගින් ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී පස්වැනි ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 7 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට උසස්වීමක් ලැබිය. තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 97 ක් හිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියාව තරගාවලිය අවසානයේ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු මට්ටම 104 දක්වා ඉහළ ගියේය.

තරගාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 105 ක් හිමිකර ගනිමින් ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී තෙවැනි ස්ථානයේ පසුවු එංගලන්තයට තරගාවලිය 4-0 ක් ලෙස පරාජය විමත් සමගින් ප්‍රසාද ලකුණු 6 ක් අහිමිවූ අතර පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමටද සිදුවිය.

ප්‍රසාද ලකුණු 124 ක් හිමිකර ගනිමින් ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී පළමු ස්ථානයේ පසුවන ඉන්දියාව සහ ප්‍රසාද ලකුණු 111 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූවද තරගාවලිය අවසන් වනතෙක් මෙම කණ්ඩායම් දෙකෙහි ප්‍රසාද ලකුණු ගණනය කිරීමක් සිදුනොවන්නේය. එබැවින් පසුගියදා සිදු කෙරුණු ප්‍රසාද ලකුණු යාවත් කාලීන කිරීමේදී ඉන්දියා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් දෙකෙහි ප්‍රසාද ලකුණු වල වෙනස්කමක් සිදු නොවීය.

ප්‍රසාද ලකුණු 94 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී හයවැනි ස්ථානයේ රැඳී සිටී. 

 

 

 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ඉහළට එංගලන්තය පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.