Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ටේ‍්‍රලියානුවෝ වි:20 තරගාවලියත් දිනති

ඕස්ටේ‍්‍රලියානුවෝ වි:20 තරගාවලියත් දිනති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඔස්ටේ‍්‍රලියාවේ සෙන්චූරියන්හිදී පැවති තෙවැනි වි:20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් අත්කරගත්  ඕස්ටේ‍්‍රලියාව, තරග 3 කින් සමන්විතවූ එම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. මෙහි පළමු තරගය වර්ෂාව නිසා අතහැරදැමීමට සිදුවිය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ කඩුල 4 ක් දැවී, පන්දු 30 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාලීමට සමත්වූහ.

 ඕස්ටේ‍්‍රලියානු පිලේ වැඩිම ලකුණු ලාභියාවූ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච්, පන්දු 27 කදී ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට ෆින්ච්ට අනගි සහයක් දුන් ෂේන් වොට්සන් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළේය.  

කාසියේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායෙම් නායක ජෝජ් බේලි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත  ඕවර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කොන්ටම් ඩි කොක් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාක් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් අතර දකුණූ අපි‍්‍රකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි කොක් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියත් තරග 2-1 ක් ලෙසින් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියානු පිල සමත් විය.


දකුණු අපි‍්‍රකාව -  ඕවර 20 කදී කඩුලූ 7 කට 128
(ක්වින්ටින් ඩි කොක් 41, ඇල්බි මෝකල් 18, වේන් පනේල් 17, මිචෙල් ස්ටාර්ක් 16/2, බැඞ් හොජ් 31/2)

 ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 15 කදී කඩුලූ 4 කට 129
(ඒරන් ෆින්ච් 39, ෂේන් වොට්සන් 35, ග්ලේන් මැක්ස්වෙල් 17, ඉම්රාන් තහිර් 21/2)


- 036

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ වි:20 තරගාවලියත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.