Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඕස්ටේ‍්‍රලියාවේ ගැබා කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව 25 හැවිරිදි ස්ටීවන් ස්මිත්ට හිමිවී තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග තුනේදීම ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වය සඳහා ස්මිත් පත්කර තිබේ.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්, කලවේ සහ පිට කොන්දේ ආබාධ තත්ත්වයන්ගෙන් පෙළීම නිසා ස්මිත්ට මෙම අවස්ථාව ලබාදීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
මේ වන විට ටෙස්ට් තරග 23 කට සහභාගී වී ඇති ස්මිත්, ඉනිම් 44 ක් තුළ ශතක 5 ක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1749 ක් රැස්කරගෙන තිබේ. එහිදී පා දග පන්දු යවමින් කඩුලූ 14 ක් දවාගැනීමටද ස්මිත් සමත්වී ඇත.
”පසුගිය වකවානුවේ අපි ඉතා හොඳින් කී‍්‍රඩා කළා. ඒ ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසය ඉදිරියටත් පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ඇඩිලේඞ්හි පැවැත් පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ස්මිත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීට අවස්ථාව උදා කරගත් තෙවැනි ලාබාලතම කී‍්‍රඩකයා වන ස්මිත්, ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය.
පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවූ කඩුලූ රකින කී‍්‍රඩක බ‍්‍රැඞ් හැඩින්, දෙවැනි තරගයේදී ස්මිත්ගේ උප නායකයා ලෙස නම් කර තිබේ.
ක්ලාක්ගේ අබාධ තත්ත්වය නිසා ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වය 37 හැවිරිදි බ‍්‍රැඞ් හැඩින්ට හිමිවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසකළද ඔහුව තව දුරටත් උප නායකත්වයේම රඳවා තැබීමට ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
අබාධ තත්ත්වයන්ගෙන් මිදී ක්ලාක් නැවතත් කණ්ඩායමට එක් වූවොත් ක්ලාක්ට කණ්ඩායමේ නායකත්වය හිමිවන අතර ඔහුගේ උප නායකයා වශයෙන් ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිවේදනය කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.