Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේග පන්දු යවන්නකුගේ ජවය, ශක්තිය මෙන්ම අධිෂ්ඨානයද මේ යයි මොනවට විද්‍යමාන කරමින් අති විශිෂ්ට ගණයේ පන්දු යැවීමට නිතර වූ වමතින් වේග පන්දු යවන මිචෙල් ජොන්සන්, ඇඩිලේඞ් ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (7 වැනිදා) ලකුණු 40 කට කඩුලු 7 ක් දවාගනිමින් එංගලන්ත පිලේ පළමු ඉනිම විනාශ කර දැමීය.
ඕස්ටේ‍්‍රලියානු පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 570 ට පිළිතුරු සොයා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල් ඉනිම, ජොන්සන්ගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 172 කට සීමා වූයේ ඕස්ටේ‍්‍රලියානුවන්ට ලකුණු 398 ක මුල් ඉනිමේ වාසියක් ඉතිරි කරමිනි.
මෙම තරගයේදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 371 ක් ලබාගත යුතු වූ නමුත් තණතීරුවේ ස්වභාවය පිළිබඳ නිසි තක්සේරුවක යෙදුණු ඕස්ටේ‍්‍රලියානුවෝ දෙවැනි ඉනිමත් ආරම්භ කරමින් දිනය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 132 ක් ලබා එංගලන්තය තව තවත් අසරණ කිරීමට පියවර ගත්හ. මේ වන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම, තරගයේ දින දෙකක් ඉතිරව තිබියදී, එංගලන්තයට වඩා ලකුණු 530 ක් ඉදිරියෙන් සිටී.
මේ වන විට ඬේවිඞ් වෝනර්, ලකුණු 83 ක් ලබා නොදැවී සිටින අතර ඕස්ටේ‍්‍රලියානුවන් හෙට පෙරවරුවේදී අඩුතරමේ පැයක පමණ කාලයක් වත් පන්දුවට පහර දෙන්නේ නම් වෝනර්ට සිය ශතකය කරා යාමට ඕනෑතරම් කාලය තිබේ.
අද දිනයේ තේ පානය වන විට කඩුලූ 4 ට ලකුණු 116 ක් ලබා සිටි එංගලන්තයට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකළ මිචෙල් ජොන්සන්, තේ පානයෙන් අනතුරුව එක ඕවරයකදී කඩුලූ 3 ක් දවාගනිමින් ලකුණු පුවරුව හිටි අඩියේම කඩුලූ 7 කට 117 ක් දක්වා වෙනස් කළේය. නම් දැරූ පිතිකරුවන් අතුරින් ඉතිරිවූයේ ඉයන් බෙල් පමණි.
ගොරෝසු මෙන්ම දිග-උඩු රැවුලකින් හෙබි මිචෙල් ජොන්සන් නැවත වරක් රවා බැලීම නිසා ගේ‍්‍රඒම් ස්වෝන් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනාම ලකුණු 135 දී දැවී ගියහ. ඒ වන විට එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 135 ට බිඳ වැටී තිබිණ.
සහායට පිතිකරුවන් නොමැති වීම නිසා ලණුව පසුකර යාම තෝරාගත් ඉයන් බෙල් හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් ලබාගත්තේ මොන්ටි පනීසාර් පන්දු 35 කදී ලකුණු 2 ක් පමණක් ලබාගන්නා අවසරයෙනි. කෙසේ වෙතත් ජොන්සන් නැවත වරක් කි‍්‍රයාත්මක වීමට මත්තෙන්, ඕවර 13 කදී ලකුණු 35 ක් ලබාගැනීමට ඉයන් බෙල් සමත් විය.
එංගලන්ත පිලේ අවසන් කඩුලූ හයම ලකුණු 55 කදී බිම දැමූ ජොන්සන් දිවා ආහාරයෙන් පසුව, ඕවර 5 කදී කඩුලූ 5 ක් දවාගත්තේ ලකුණු 16 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමිනි. ජොන්සන් දෙවරක්ම කඩුලූ ති‍්‍රත්වයක් ලබාගැනීමේ අවස්ථාවට ආසන්න වූ නමුත් ඒ අවස්ථා දෙකම ජොන්සන්ට අහිමි කිරීමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය.
උදේ වරුවේදී නේතන් ලයන් විසින් ජෝ රූට් ලකුණු 15 කට දවාගනු ලැබීමෙන් මඳ වේලාවකට පසුව පීටර් සිඞ්ල්ගේ පන්දුවකින් කෙවින් පීටර්සන් ලකුණු 4 කට දැවී ගියේ ඇඩිලේඞ් පිටියේ හිරුරැසින් සැනහෙමින් සිටි දහස් සංඛ්‍යාත නරඹන්නන්ගේ පී‍්‍රති ඝෝෂාවෙන් කී‍්‍රඩාංගණය දෙවනත් කරමිනි.
තවම තරගයේ තුන්වැනි දිනයවත් අවසන් වී නැතත් එංගලන්තයට 2-0 ක පරාජයක් උරුම වන ලකුණු ඉතාම පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඊළගට ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ ඉතාමත් වේගවත් මෙන්ම වැඩිම ඉපිළීමකින් යුත් පර්ත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයයි. එය මිචෙල් ජොන්සන්ගේ කී‍්‍රඩාංගණයද වෙයි.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 570
එංගලන්තය පළමු ඉනිම - 172
(මයිකල් කාබෙරි 60, ජෝ රූට් 15, ඉයන් බෙල් නොදැවී 72, මිචෙල් ජොන්සන් 40/7, නේතන් ලයන් 64/1, පීටර් සිඞ්ල් 34/1, ෂේන් වොට්සන් 00/1)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 132
(ඬේවිඞ් වෝනර් නොදැවී 83, මයිකල් ක්ලාක් 22, ස්ටීව් ස්මිත් නොදැවී 23, ජේම්ස් ඇන්ඩසන් 19/2, මොන්ටි පනීසාර් 41/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.