Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතන විසින් සංවිධානය කරනු ලබන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල නියෝජනය කිරීම සඳහා උතුරු - නැගෙනහිර 23 න් පහළ කණඩායමේ සාමාජිකයකු වන විසි හැවිරිදි වේග පන්දු යවන්නකු වන තේවේන්ද්‍රන් පි‍්‍රයලක්ෂන් තෝරා ගනු ලැබ ඇත.
වඩුක්කොඩෙයිහි පිහිටි යාපනය විදුහල නියෝජනය කළ පි‍්‍රයලක්ෂන්, 2010 වසරේ තරග 9 කදී කඩුලූ 65 ක්ද, 2011 වසරේ කඩුලූ 45 ක්ද බිඳහෙළා තිබේ.
ශ්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල, ‘ඒ’ කණ්ඩායම සහ සංවර්ධන සංචිතය මෙම තුන්කොන් කි‍්‍රකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 3 යි. එහිදී සභාපතිගේ පිලේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ටත්, ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ටත් හිමිවී ඇති අතර සංවර්ධන සංචිතයේ නායකත්වය සඳහා ළහිරු තිරිමාන්න කැඳවා තිබේ.
විසිඑක් හැවිරිදි වමත් පිතිකරුවකු වන භානුක රාජපක්ෂ, කළකට පසු නැවතත් ‘ඒ’ කණ්ඩායමට කැඳවීමටත්, පසුගිය නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු කුසල් ජනිත්, කඩුලූ රකින්නකු ලෙස සංවර්ධන සංචිතයට යැවීමටත් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
සභාපතිගේ පිල
-ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ලහිරු ජයරත්න, ටී. පි‍්‍රයලක්ෂන්
‘ඒ’ කණ්ඩායම -
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, පබසර වඩුගේ, කෞශාල් සිල්වා, කිත්රුවන් විතානගේ, අශාන් පි‍්‍රයංජන, චතුරංග ද සිල්වා, ඉශාන් ජයරත්න, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප‍්‍රදීප්, විමුක්ති පෙරේරා, මදුර ලක්මාල්, චතුර රන්දුනු, රමිත් රඹුක්වැල්ල, භානුක රාජපක්ෂ
සංවර්ධන සංචිතය -
ලහිරු තිරිමාන්න (නායක), ශෙහාන් ජයසූරිය, කුසල් ජනිත්, රුමේෂ් බුද්ධික, සචිත‍්‍ර සේරසිංහ, රොශේන් සිල්වා, ධනුෂ්ක ගුණතිලක, මාධව වර්ණපුර, තරිඳු කෞශාල්, මලින්ද පුෂ්පකුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කනිෂ්ක ඇල්විටිගල, ලහිරු ගමගේ, ශමින්ද එරංග, නිරෝෂන් දික්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.