Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කිංග්ස් XI පිලට තියුණු ජයක්

කිංග්ස් XI පිලට තියුණු ජයක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කිංග්ස් XI පන්ජාබ් කන්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඊයේ (15) සමත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස් XI පන්ජාබ් කන්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 197 ලබා ගැනීමට සමත් විය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ක්‍රිස්ගේල් පන්දු 22කින් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. එය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගේල් ලබාගත් පළමු අර්ධ ශතකය ලෙස ද වාර්ථා විය.  

ෂේන් බොට්සන්ගේ පන්දුවක් හමුවේ ගේල් දැවී යන විට පන්දු 33ක් තුළ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියේය. ගේල්ට මනා සහයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් පන්දු 22ක් තුළ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමින් පන්ජාබ් ඉණිම ශක්තිමත් කළේය.

ලකුණු 198ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පළමු ඕවර 6 අවසානයේ ලබා තිබුණේ ලකුණු 53ක් පමණි. ආරම්භය එතරම් සුභදායක නොවීය. එහෙත් තරගය සම්පූර්ණයෙන් කනපිට හැරවූ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් චෙන්නායි කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. 

ජයග්‍රහණය සඳහා අවසාන පන්දුවාරය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වුවත් රෝහිත් ෂර්මාගේ ආක්‍රමණශීලී පන්දු රටාව නිසා චෙන්නායි කණ්ඩායමට සිය ඉලක්කයට ලඟා වීමට පහසු කරුණක් නොවීය. කෙසේ වෙතත් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 44 ක් තුළදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 79 ලබා ගැනීමට සමත් විය.

 

කිංග්ස්  XI  පන්ජාබ් - ඕවර 20කදී කඩුලු 7ට 197 
(ලෝකේෂ් රාහුල් 37, ක්‍රිස් ගේල් 63, මායන්ක් අගර්වල් 30, යුවරාජ් සිං 20, කරුන් නයිර් 29, රවිචන්ද්‍රන් අශ්වින් 14, ශර්දුල් ඨාකූර් 33/2, ඉම්රාන් තහීර් 34/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20කදී කඩුලු 5ට 193

(ෂේන් වොට්සන් 11, මුරලි විජේ 12, අම්බති රයිදු 49, මහේන්ද්‍ර සිං දෝනි 79, රවීන්ද්‍ර ජදේජා 19, ඇන්ඩෲ ටේ 47/7)

 

- 024


අදහස් (0)

කිංග්ස් XI පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.