Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කපුගෙදරට සිවුවැනි තරගය අහිමි වෙයි

කපුගෙදරට සිවුවැනි තරගය අහිමි වෙයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා - පාකිස්තාන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතුරතුර පන්දුව මුහුණේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදරගේ සිවුවැනි තරගය සඳහා සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. 

තෙවැනි තරගයේදී පාකිස්තාන ඉනිමේ 10 වැනි ඕවරය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසිකළ පන්දුව සිටි මුහුණේ වැදීම නිසා කපුගෙදර පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු නැවත පන්දු රැකීම සඳහා පිටියට පැමිණියේද නැත. 

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු අසංක ගුරුසිංහ මහතා කියා සිටියේ පන්දුව වැදීමෙන් කපුගෙදරගේ ඇසට කිසිදු හානියක් සිදුවී නැති බවත්, මුහුණේ සියුම් පිපිරුමක් පමණක් සිදුවී ඇති බවත්ය. කෙසේ වුවත් සිවුවැනි එක්දින තරගය සඳහා කපුගෙදරගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බවද එහිදී ඔහු කියා සිටියේය. 

ඒ අනුව සිවුවැනි එක්දින තරගයේදී කපුගෙදරගේ ස්ථානය සඳහා තවමත් එක්දින වරම් දිනා නොමැති දකුණතින් පිත්ත හසුරවන මුල් පෙළ පිතිකරු සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට නියමිතය. 

-036 


අදහස් (0)

කපුගෙදරට සිවුවැනි තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.