Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැට් කමින්ස්ගේ සහ ඇඩම් සම්පාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තානයට එරෙහිව සාජාහිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 80 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 24 කට කඩුලු 3 ක්ද, ඇඩම් සම්පා ලකුණු 43 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉමාම් උල්හක් පන්දු 72 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් ලබාගත් අතර ඉමාඞ් වසීම් පන්දු 53 කදී ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. කෙසේ වුවත් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 266 ක් ලබාගත් අතර පන්දු 136 කට මුහුණදුන් ඒරන් ෆින්ච්, හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 90 ක් රැස්කළේය. එහිදී ඔහුට පිට පිටම තෙවැනි ශතකය ලබාගැනීමට අවශ්‍ය වූයේ තවත් ලකුණු 10 ක් පමණි.
පීටර් හෑන්ඞ්කෝම්බ් (47) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆින්ච් සමත් වූ අතර හාරිස් සොහේල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා හෑන්ඞ්ස්කෝම්බ් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. දැවීයන විට පන්දු 43 කට මුහුණදී සිටි හෑන්ඞ්ස්කෝම්බ්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත වී තිබිණ.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 71 රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. එහිදී ඇලෙක්ස් කේරි (නොදැවී 25) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කින් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැක්ස්වෙල් සමත් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 266
(ඒරන් ෆින්ච් 90, පීටර් හෑන්ඞ්කෝම්බ් 47, ග්ලේන් මැක්ස්වෙල් 71, ඇලෙක්ස් කේරි නොදැවී 25)
පාකිස්තානය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 186
(ඉමාම් උල්හක් 46, ෂොයිබ් මලික් 32, උමාර් අක්මාල් 36, ඉමාඞ් වසීම් 43, ඇඩම් සම්පා 43/4, පැට් කමින්ස් 24/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.