Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරුවකු සහ හිටපු නායකයකු වන සනත් ජයසූරිය මහතා ඉදිරි දින කීපයේදී නීතිඥයකු හරහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) දූෂණ මර්ධන ඒකකයට කරුණු දැක්වීමට සූදානමින් සිටින බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි.
සනත් ජයසූරිය මහතා අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය ක්‍රියාත්මක කරන පරීක්‍ෂණවලට සහයෝගය නොදැක්වීම හේතුවෙන් දින 14 ක් ඇතුළත කරුණු දක්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (14) ඔහුට දැනුම් දෙමින් ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පසුගිය වසරේ (2017) අගෝස්තු මස සනත් ජයසූරියගෙන් ප්‍රශ්න කර ඇති බවත් එහිදී සනත් ප්‍රකාශ ලබාදී දුරකථන දෙකක් ද අයි.සී.සී. නිලධාරීන්ට බාරදී ඇති බව දැන්ගන්නට තිබේ.
එහිදී සනත් ජයසූරිය පෞද්ගලික හේතුවක් මත ඔහුගේ එක දුරකථනයක් පමණක් එම නිලධාරීන්ට බාරදී නොමැති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවට මීට සති තුනකට පමණ පෙර පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සනත්ගෙන් මේ දක්වා ප්‍රශ්න කර නොමැති අතර මීට වසරකට අධික කාලයකට පෙර ප්‍රශ්න කිරීමකට සම්බන්ධ හේතුවක් ඊයේ නිවේදනයට බලපෑ තිබේ.
සනත් ජයසූරිය මුදලට තරග පවාදීමට සම්බන්ධ බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ නිකුත් කළ නිවේදනය ද කිසිදු ලෙසකින් සඳහන්ව නොමැති අතර එහි නිලධාරීන්ට කරුණු ඉදිරිපත් නොකිරීමක් හෝ කරුණු වසන්කිරීමේ චෝදනාවක් පමණක් එහිදී ඔහුට එල්ල වී තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.