Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නොවැම්බර් මස 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්හිදී ආරම්භ වන හයවැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට 17 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඇතුලත්ව සිටින්නීය.
රත්ගම දේවපතිරාජ විදුහලේ ශිෂ්‍යාවක් වන ඇය පසුගිය මස ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී පළමු අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් තරගයට සහභාගි වූවාය. ඇය මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග හතරකට පමණක් සහභාගි වී තිබේ.
මෙම සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි සහ ඩිලානි මනෝදර ඇතුළත්ව සිටිති. ප්‍රවේගකාරී පිතිකාරිනී චමරි අතපත්තු මෙම තරගාවලියේදී ද කණ්ඩායම මෙහෙයවයි.
හයවැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා සිට 24 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වේ. මෙවර තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වෙයි.
ශ්‍රී ලංකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පළමු වටයේදී ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරයි. ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ අයර්ලන්තය ‘බී’ කාණ්ඩයේ තරග කරයි.
එම කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා විස්සයි20 කාන්තා ක්‍රිකට් සංචිතය:
චමරි අතපත්තු (නායිකා), යශෝධා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබෙකා වැන්ඩොට්, ඩිලානි මනෝදර, නිලක්‍ෂි ද සිල්වා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි, කවීෂා දිල්හාරි, ඕෂදී රණසිංහ සහ ඉනෝෂි ප්‍රනාන්දු
අතිරේක ක්‍රීඩිකාවෝ: ඉමල්කා මෙන්ඩිස්, අනුෂ්කා සංජීවනී, නිපුනි හංසිකා, හර්ෂිතා මාධවී සහ ඉනෝකා රණවීර
ඡායාරූපය - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.