Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග 3 සඳහා නායක මයිකල් ක්ලාක්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. තත්ත්වය නරක අතට හැරණහොත් මයිකල් ක්ලාක්ගේ තරග දිවිය මෙතැනින් නිමාවීමට ඉඩ තිබෙන බවද වාර්තාවේ.
ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ගේ දකුණු කලවේ පහළ මස්පිඩුව ඉරීමකට ලක්වීය. එම ආබාධය නිසා ක්ලාක් එම තරගය අවසන් වී කී‍්‍රඩාගාරයට ගියේ නොණ්ඩි ගසමිනි.
”මා ආයෙත් කී‍්‍රඩා නොකරන්නත් ඉඩ තිබෙනවා”
”මා හිතනවා ඒක එහෙම වෙන එකක් නෑ කියා. ඒත් අපි යථාර්ථවාදී වෙන්නත් ඕනේ” යයි මයිකල් ක්ලාක් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡවකදී පැවසීය.
ඉන්දීය ඉනිමේ 44 වැනි ඕවරයේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් අහුලා ගැනීමට ගත් උත්සාහයේදී ක්ලාක්ගේ කලවයේ මස්පිඬුව ඉරී ගියේය. ඔහු මින් පෙරද මෙම ආබාධයට ගොදුරු වී තිබේ. වරින් වර හටගන්නා පිට කොන්දේ ආබාධයකට සහ වම් කලවේ ආබාධයකටද ක්ලාක් මුහුණ දෙමින් සිටියේය.
”මම දැන් ස්කෑන් පරීක්ෂණයකට සහභාගී වුණා. එහි ප‍්‍රතිඵල නම් එතරම් හොඳ නෑ.”
”ඔවුන් එහි ඉරීයාමක් පෙන්නුම් කළා. මට විශ්වාසෙටම කියන්න පුළුවන් මේ තරගාවලියේදී නම් මට ආයෙත් කී‍්‍රඩා කරන්න ලැබෙන එකක් නෑ” යයි ක්ලාක් චැනල් නයින් රූපවාහිනී සේවයට පවසා සිටියේය.
මෙම සිදුවීමෙන් පසුව ක්ලාක් පන්දු රැකීමට සුදුසු තත්ත්වයක පසු නොවූ හෙයින් කණ්ඩායමේ භෞත චිකිත්සක වරයා වන ඇලෙක්ස් කුන්ටූරිස් මහතාගේ උදව් අතිව ඔහු පිටියේ සිට කී‍්‍රඩාගාරය වෙත ඇවිද යන අයුරු නරඹන්නන්ට දැකගත හැකි විය.
දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගයට ක්ලාක්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පැවතුණේ පිටකොන්දේ ආබාධයක් හේතුවෙනි. එහෙත් නොවැම්බර් 27 වැනිදා සිදුවූ පිලිප් හියුස්ගේ ශෝක ජනක මරණය නිසා එම තරගය දෙසැම්බර් මස 9 වැනිදාට කල් දැමීමත් සමග ක්ලාක් ඊට සහභාගී වීමට තීරණය කළේය.
මෙම තරගයේ පළමු ඉනිමේදී පන්දුවට පහරදෙමින් සිටියදී පිට කොන්දේ ආබාධය නැවතත් මතුවීම නිසා ක්ලාක් පිටියෙන් ඉවත්ව ගිය නමුත් දෙවැනි දිනයේදී නැවතත් පන්දුවට පහරදීමට පැමිණ සිය 28 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය.
”මේ තරගය කී‍්‍රඩා කිරීමට මා ගත් තීරණය ගැන කිසිවිටෙක පසුතැවෙන්නේ නෑ. ඒ වගේම මා පිටකොන්දේ ආබාධය නිසා පිටියෙන් ඉවත්ව යාමෙන් පසුව නැවතත් පිටියට පැමිණීම ගැනත් මා පසුතැවෙන්නේ නෑ. මගේ කි‍්‍රකට් ජීවිතයේ වඩාත්ම වැදගත් ටෙස්ට් තරගය මෙයයි” යයිද මයිකල් ක්ලාක් පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.