Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින තරගය ආරම්භවීමට ඔන්න මෙන්න තිබියදී දකුණු අප්‍රිකානු පිලේ කඩුලු රකින්නා වන ක්වින්ටින් ඩි’කොක් තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වී තිබේ.
දෙරට අතර පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින තරගාවලයේ පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව මේ වන විට 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත් නමුත් එක්දින තරගාවලිය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පිලට අකරතැබ්බයන්ට මුහුණදීමට සිදුවිය. පළමු තරගයට පෙර ඒ. බී. ඩිවිලියර්ස් තුවාල ලැබූ අතර දෙවැනි තරගයට පෙර ෆෆ් ඩුප්ලෙසි ආබාධයකට ලක්වූයේය. දැන් තුන්වැනි තරගයට පෙර ක්වින්ටින් ඩි’කොක් තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වී සිටී.
වම් අතේ මැණික්කටුව ආසන්නයේ ඇතිවූ ආබාධයක් නිසා එක්දින තරගාවලියේ ඉතිරි තරග 4 මෙන්ම විස්සයි-20 තරගාවලියද ක්වින්ටින්ට අහිමි වෙයි. වෛද්‍ය නිර්දේශ අනුව ඔහුට සති 4 ක විවේකයක් අවශ්‍ය වන හෙයින් මාර්තු මස 1 වැනිදා සිට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ මූල් කොටසද ඔහුට අහිමි වීමේ අවදානමක් තිබේ.
හෙන්රික් ලාසන් දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින එකම අතිරේක කඩුලු රකින්නාය. තවමත් එක්දින වරම් ලබා නැති ලාසන් 7 වැනිදා කේප්ටවුන්හිදී පැවැත්වෙන තරගයේදී එක්දින වරම් ලැබීමට සූදානමින් සිටී.
ඩි’කොක් තුවාල ලැබීම තවත් අතකින් දකුණු අප්‍රිකානුවන්ට වෙස්වලාගත් ආශිර්වාදයක්ද විය හැකිය. මක්නිසාද යත් ඉන්දියානුවන් හමුවේ ක්වින්ටින් ඩි’කොක් දිගින් දිගටම අසාර්ථක වූ බැවිනි. ඉන්දීය පිල හමුවේ ටෙස්ට් තරග තුනේ ඉනිම 6 කදීත්, එක්දින තරග 2 කදීත් එකම අර්ධ ශතකයක් හෝ ලබාගැනීමට ඩි’කොක් අපොහොසත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.