Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආබාධ තත්වයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ට ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ලබන ඉරිදා (10 වැනිදා) එඩිම්බරෝහිදී පැවැත්වීමට නියමිත එම එක්දින තරගයට වෝක්ස් සහභාගී නොවන බවත්, එහිදී ඔහුගේ ස්ථානය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් එංගලන්ත සංචිතයට කැඳවා ඇති බවත් එරට ක්‍රිකට් ආයතනය අද (5 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය.
“ආබාධයක් නිසා වෝක්ස්, ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරගයට සහභාගි වෙන්නේ නෑ. ඔහු වෙනුවට සරේ ප්‍රාන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් කණ්ඩායමට කැඳවලා තියෙනවා.” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ නිවේදකයෙක් පැවසීය.
මේ දක්වා එංලන්තය නියොජ්නය කරමින් එක්දින තරග 76 කට ක්‍රීඩා කර ඇති වෝක්ස්, එහිදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1034 ක් රැස්කරමින්, කඩුලු 109 ක් බිඳ හෙළිමට සමත්ව තිබේ.
වෝක්ස්ට අමතරව බෙන් ස්ටෝක්ස්ද මේ වන විට ආබාධ ලබා කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර එළබෙන ඕස්ටේ්‍රලියානු තරගාවලිය සඳහාද ඔවුන්ගේ සහභාගීත්වය සැක සහිත තත්වයක පවතින බව වාර්තා වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.