Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කරනවාද නැද්ද යන තීරණයට මේ මස 10 වැනිදාට පෙර එළඹෙන බව ක්‍රීඩා අමාත්‍යංශ හරීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ තොරතුරු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව වසරේ ඉදිරි සැළසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“අතුරු පාලක මණ්ඩලයකට වෙනස් වූ අර්ථයකින් පරිපාලනයක් අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් කරන්න අයි.සී.සී.ය කැමති තත්ත්වයක තිබුණේ. ජනවාරි පළමු සතියේ අයි.සී.සී. විධායක කමිටුව කැඳවීමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අතුරු පාලක මණ්ඩලයක් ඕනද නැද්ද කියලා ජනවාරි 10 වැනිදාට කළින් තීරණය කරන්න පුළුවන්”
“පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබඳව අයි.සී.සී.ය උනන්දුවෙන් ඉන්නවා. අයි.සී.සී. විධායක කම්ටු රැස්වීමෙන් පසුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව තීරණයක් ගනී”
“ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඡන්ද 142ක් තිබෙනවා. නමුත් එංගලන්තයේ තිබෙන්නේ ඡන්ද 18 යි, ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ ඡන්ද 09 යි. ශ්‍රී ලංකාවේ තිබෙන සමහර ක්‍රීඩා සමාජ ක්‍රිකට් ගහන්නෙත් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකරන්න කියලා මම ක්‍රිකට් ආයතනය දැනුවත් කළා. සමහර ක්‍රීඩා සමාජ ක්‍රිකට් නොගහා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ගන්නවා. මේවා විශාල ප්‍රශ්ණ බවට නිර්මාණය වෙන්න පුළුවන්”
“මම සිදත් වෙත්තමුණි, රොෂාන් මහානම, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මේ සියලු දෙනා සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස වුණේ ක්‍රීඩා නීතියට ශ්‍රී ලංකාව ගේනවානම්, කාලයක් අරගෙන හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා. මඩගෑවුණු නැති පිරිසිදු චරිත ඉදිරිපත් වෙනවානම්, ඒකට අයි.සී.සී.යේ වුණත් අකමැත්තක් නැහැ” යැයි අමාත්‍යවරයා පැවසීය.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතම ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත්, මේ නිසා මෙරට තුළ සිදුවන දූෂණ සහ වංචා සෙවීමට පූර්ණ කාලීන ආයතනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට අයි.සී.සී.ය තීරණය කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිත තත්ත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මම පසුගිය 27 වැනිදා අයි.සී.සී. දූෂණ මර්ණන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හමුවුණා. ඔහු පැවසුවේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනය බවයි. ඔහු උදාහරණ සමඟ ශ්‍රී ලංකාවේ දූෂිත තත්ත්වය පැහැදිළි කළා”
“සිම්බාබ්වේ ප්‍රශ්ණ තිබුණට එහි පරිපානයේ ප්‍රශ්ණයක් නැහැ කිව්වා. සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට බාහිර පුද්ගලයන් ඇවිල්ල සිදුකළ අතපෙවීම් නිසා තමයි එහෙ ප්‍රශ්ණ ඇතිවුණේ කියලා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උඩඉදන් පහළට, පහළ ඉඳන් උඩට ගන්න දෙයක් නැහැ කියලා තමයි ඔහුගේ අදහස”
මෙහිදී ඇලෙක්ස් මාෂල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවී ඇතැයි කියන දූෂණ සහ වංචා පිළිබඳව අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය කළ පරීක්ෂණ, ඒ සඳහා මැදිහත් වූයේ යැයි කියන පුද්ගලයන් රූපරාමු සහිතව අමත්‍යවරයාට පෙන්වා තිබේ. කෙසේ නමුත් එම තොරතුරුවල රහස්‍යභාවයට සහ පරීක්ෂණවලට බාධාව නොවීම සඳහා එම තොරතරු ප්‍රසිද්ධ කළ නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“අයි.සී.සී.ය ශ්‍රී ලංකාවේ දූෂණ සහ වංචා ගැන සොයන්න පූර්ණ කාලීන කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අයි.සී.සී. නීති රාමුවට ගැලපෙන ආකාරයට මාස දෙකක් තුළ වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ පාතාලය පවා සම්බන්ධතා පත්වනවා කියලා අයි.සී.සී. දැනුම් දුන්නා” යැයි අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක කොන්ත්‍රාත් දීර්ඝ කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.
“විශාල සේවක සංඛ්‍යාවක කොන්ත්‍රාත් අලුත් කිරීමට ඉල්ලා තිබෙනවා. ඒ නිසා මේ ගැන බලන්න වාර්තාවක් කැදෙව්වා. සමහර අයගේ වැටුප් හිතාගන්නත් බැහැ. එච්චර ගෙවනවද කියලා. ඒ අයගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට වෙන සේවය මොකක්ද කියලත් ප්‍රශ්ණයක් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලැබෙන මුදල්වලින් සියයට 80 ක් ලබාදෙන්නේ අයි.සී.සී.ය. ඒ නිසා අපට ලොකු වගකීමක් තිබෙනවා අයි.සී.සී.යත් එක්ක”
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසක් අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ නියුතුව සිටින සියලු දෙනාගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීමට නිලධාරියකු ‘ක්‍රීඩා දුක්ගන්නාරාල’ තනතුරක් ස්ථාපිත කිරීමට ද නියමිතය.
“අපි දන්නවා ලංකාවේ ගම්මානවල සපත්තු දෙක ගන්න බැරිව, නොයෙකුත් ප්‍රශ්ණ තිබෙන අය ඉන්නවා. සමාජ ජාල හරහා මේ දේවල් දිගින් දිගටම අපි දකිනවා. ඒ නිසා නව වසරේ අලුත් ආරම්භයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි ගැටළු තිබෙන අය වෙනුවෙන් ‘ක්‍රීඩා දුක්ගන්නාරාල’ කෙනෙක් ක්‍රීඩා අමාත්‍යාංශට පත්කරන්න. මෙයින් වෙන්නේ ඇත්තටම දරුවෙක්ට ප්‍රශ්ණයක් තියෙනවා නම්, යම්කිසි අසාධාරණයක් වුණානම් ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඒ දේවල් සොයා බැලීමයි”
“ක්‍රීඩා අමාත්‍යාංශය ‘1978’ අංකය යටතේ ඇමතුම් මධ්‍යස්ථානයක් (Call Center) ස්ථාපනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. එමගින් ක්‍රීඩාවේ දූෂණ, වංචා වගේම අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි වෙනවා. එය තව සතියක් ඇතුළත ආරම්භ කරගන්න හැකි වෙයි කියලා හිතනවා” යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.