Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (21) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මම ඊයේ දවසේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ වාර්තාව අරගෙන උදේ නවයේ සිට දහයාමාර දක්වා සකච්ඡා කළා. ඒක ඉතාමත් හොඳ දෙයක්. දේශපාලණීකරණයෙන් ක්‍රීඩාව ඉවත් කරන්න හොඳ ව්‍යවස්ථාවක්”
“මෙයට අරවින්ද ද සිල්වා, මහේල සංගක්කාර, සිදත් වෙත්තමුණි වගේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සම්බන්ධ වෙලා තියෙනවා”
“නීතිඥයන් සමඟත් සාකච්ඡා කරලා ඉදිරි සති තුන ඇතුළත එයට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන්න. කැබිනට් පත්‍රිකාවෙන් පසුව මම හිතනවා අයවැයෙනුත්
පස්සේ මැයි මාසේ විතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පනතක් හැටියට සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා”
“ඕනෑම කෙනෙකුට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ව්‍යවස්ථාවකට මම හිතන්නේ මුළු පාර්ලිමේන්තුවම පක්‍ෂ පාට බේදයකින් තොරව සහයෝගය දෙයි”
“මේ නිලවරණයෙන් පත්වූ කණ්ඩායමත් ක්‍රිකට්වලට ආදාරය කරන කණ්ඩායමක්. මම විශ්වාස කරනවා ඔවුනුත් සහයෝගය දෙයි කියලා”
“ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල පමණක් නොව අනෙක් ක්‍රීඩාවලත් ව්‍යවස්ථා වෙනස් වියයුතුයි කියලා මම විශ්වාස කරනවා”
ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
“කරගෙන යන කිසිම දෙයක් නවත්වන්නේ නෑ. අපි ක්‍රිකට් ආයතනයේ විගණනයක් කරගෙන යනවා. අපි ආරම්භ කළ දේවල් සහයෝගයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා”
“මම පාලනය බාරගත් දවස්වල අතුරු පාලක කමිටු ගැන කථා තිබුණා. අපිට එවැනි අදහස් තිබුණ් ඇතුළෙ තියෙන දේවල් විසඳන්නයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලික අයිකරු අයි.සී.සී. එක. ඒ නිසා එහි නිර්දේශ සම්බන්ධයෙන් ගෞරව කරන්න ඕනේ. නමුත් අයි.සී.සී. එක කිසිම වෙලාවක කිව්වේ නෑ අතුරු කමිටුවක් දානන් එපා කියලා”
“නමුත් දැම්මොත් එහි ප්‍රධාන විධායකටවත්, සභාපතිටවත් තීරණයක් ගනන් බෑ. එහි විධායක කමිටුව මාර්තු මස තිබෙන රැස්වීමේදී තිරණයක් ගත්තොත් මගේ කාලයට තමයි එය වැටෙන්නේ. ඒ නිසා නිලවරණයක් පැවැත්වීම හොඳ දේ වුණා”
ඡායාරූපය - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.