Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ නොමනා හැසීරීම් පිළිබඳව අමාත්‍යංශ මට්ටමින් පරීක්‍ෂණයක් පවත්වා විනය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.
ශ්‍රී ලංකා ටෙස්ට් පිල පසුගිය සෙනසුරාදා (16 වැනිදා) පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සැමරීම සඳහා ඩර්බන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී පැවැත්වූ කෙටි සමරු සාදයකදී ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හිසිරීම සමාජ මාධ්‍ය ජාලවල පළවූ විඩියෝවකින් දැකගත හැකිවිය.
මෙහිදී ඇතැම් ක්‍රීඩකයන් පරුෂ වචන ද පාවිච්චි කරමින් ඔවුන්ගේ අදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙස කණ්ඩායම් කළමණාකාරවරයාට බලකරන ආකාරය දැකගත හැකිවිය.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසුමකදී මෙසේ පැවසීය.
“කණ්ඩායම් කළමණාකරුගේ වාර්තාව මේ වන විට මට ලැබී තිබෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව කල්පනා කරලා දැනට මම එය තියාගෙන ඉන්නවා. නමුත් අපි එම සිද්ධිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමින් පියවරක් ගන්න ඕනේ”
“ක්‍රීඩකයන්ගේ විවේකාගාර තුළ මේ වගේ දේවල් කථා කරනවා. මමත් ක්‍රීඩා කරලා තියෙනවානේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මේක විඩියෝ කරලා සාමාජ මාධ්‍ය ජාලවල පළවීම ප්‍රශ්නයක්”
“විවේකාගාරයක් තුළ පෞද්ගලික මට්ටමින් වූ සිද්ධියක් වෙන කෙනෙක් තමන්ගේ වාසියට යොදා ගැනීම පිළිබඳව දැඩි පියවරක් ගන්න වෙනවා”
මෙම සිද්ධියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයන් කීපදෙනකු පිළිබඳව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඒ සමඟම නැවත මෙවැනි සිද්ධි වුවහොත් දැඩි පියවර ගන්නා බවට කණ්ඩායමට දැනුම් දෙනවා”
“මෙම සිද්ධිය නිසා ජයග්‍රහණය පස්සට යන විදියෙ දෙයක් කරන්න බෑ. කණ්ඩායමට ප්‍රසාද දීමනාවක් දෙන්නත් අදහස් කර තිබෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.