Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කාන්තා තරගයට වැස්සෙන් බාධා

කාන්තා තරගයට වැස්සෙන් බාධා

Nisanka Sandeepani - 2018 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම 1-0 ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන්නේය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිම සඳහා ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර තරගයේ අටවැනි ඕවරය යවමින් සිටියදී වර්ෂාව ඇද හැලිම හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවිය. ඒ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 49 ක් රැස්කිරීමට සමත්විය.
වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කාන්තා ඉනිම - ඕවර 7.5 කදී කඩුලු 3 ක් දැවී 49
(චමරි අතපත්තු 21, ඩිලානි මනෝදරා නොදැවී 15)


අදහස් (0)

කාන්තා තරගයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.