Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කී‍්‍රඩකයෝ ශයිලොක්ලා වෙන්න හදති

කී‍්‍රඩකයෝ ශයිලොක්ලා වෙන්න හදති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 31 Comment
A A A

 

ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරී තිබේ.

ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්)  එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) රාත්‍රී 8.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.

කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් තමන්ට ගෙවිය යුතු බවත්ය.

එහෙත් තමන්ගේ තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) රාත්‍රී 8.30 වන තුරුත් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට අදාලව අන්තර් ජාතික කි‍්‍රකට් සභාව සමග ඇතිකරගත යුතු ගිවිසුම් මේ වන විටත් අත්සන් කර තිබෙන හෙයින් වි:20 ලෝක කුසලාන තරගාවයලියට සහභාගීවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම තීරණය කර ඇත.

එහෙත් මෙම ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කිකට් ආයතනය සමග ඇතිකරගත යුතු ගිවිසුම අත්සන් නොකර තරගාවලියට කී‍්‍රඩා කිරීමටත්, තරගාවයලියෙන් පසවු දිනකදී ඒ පිලිබදව නැවත සාකච්ඡ කිරීමටත් කී‍්‍රඩකයන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකගවී තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට (16 වැනිදා) අලූයම ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

 

මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු ලද සැණෙකින් මෙම වාර්තාව යාවත් කාලීන කෙරෙනු ඇත.

 


අදහස් (31)

කී‍්‍රඩකයෝ ශයිලොක්ලා වෙන්න හදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.