Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් - චන්දිමාල් පිතිකරුවන් අතර ඉහළට

කුසල් - චන්දිමාල් පිතිකරුවන් අතර ඉහළට

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 12 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි. 

මේ වන විට ප්‍රසාද ලකුණු 693 ක් ලබා සිටින මෙන්ඩිස් සිය ක්‍රීඩා දිවිය තුළ ලඟා වූ ඉහළම ශ්‍රේණිගත ස්ථානය ලෙස මෙය හැඳින්විය හැකිය. කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙසට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් (102) ලබාගත් මෙන්ඩිස්, දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී පිළිවෙලින් ලකුණු 87 ක් සහ 45 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. 

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු පිතිකරුවන් 10 දෙනා අතර රැදී සිටි එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල්, මේ වන විට ප්‍රසාද ලකුණු 755 ක් ලබා 9 වැනි ස්ථානයේ රැදී සිටියි. එය සිය ක්‍රීඩා දිවිය තුළදී ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද විය. 

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගයේ ඉනිම් දෙක තුළ ලකුණු 27 කට සහ 44 කට දැවී ගිය චන්දිමාල්ට, දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලබාගත හැකි වූයේද ලකුණු 39 ක් පමණි. එහෙත් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ ඔහු නොදැවී ලකුණු 119 ක් රැස්කළේය. එය ඔහුගේ 11 වැනි ටෙස්ට් ශතකය ලෙස සටහන් විය.  

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන්නේ රංගන හේරත්ය. ඔහු 11 වැනි ස්ථානයේ පසුවෙයි. සෙසු ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වන සුරංග ලක්මාල් 26 වැනි ස්ථානයේත්, ඩිල්රුවන් පෙරේරා 32 වැනි ස්ථානයේත් නුවන් ප්‍රදීප් 37 වැනි ස්ථානයේත් සිටිති. සෙසු සියලුම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිටින්නේ 50 වැනි ස්ථානයට පහළිනි.

-036


අදහස් (0)

කුසල් - චන්දිමාල් පිතිකරුවන් අතර ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.