Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 40 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් පෙරේරා සමත්ව ඇත. දකුණු අප්‍රිකානු සංචාරයට ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 98 වැනි ස්ථනයේ පසුවූ කුසල්, 40 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ස්ථාන 58 ක් ඉදිරියට එමිනි.
දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 51 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 153 ක්ද රැස්කරමින් සහ අවසන් කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 78 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දැක්වූ දක්ෂතා ඔහුට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට හේතු වී තිබේ. මේ වන විට ඔහු ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 කි.
පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන් අතර 49 වැනි ස්ථානයට පැමිණි ඇති අතර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවූ කගිසෝ රබාඩාට එම ස්ථානය අහිමිවී තිබේ. ඊට හේතුවී ඇත්තේ එම තරගයේදී ඔහුට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වීමයි.
රබාඩාගේ පසුබැසීමත් සමග ටෙස්ට් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූ පැට් කමින්ස් එහි පළමු ස්ථානය අත්කරගෙන තිබේ. ඒ අනුව 2006 වසරේ ග්ලේන් මැග්‍රාත්ගෙන් පසුව ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණි පළමු ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයා ලෙසද කමින්ස් වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලෙසී ප්‍රසාද ලකුණු 688 බැගින් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි සම 10 වැනි ස්ථානයේ පසුවෙති. පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා වලට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.