Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් ජනිත් සන්රයිසස් පිලට

කුසල් ජනිත් සන්රයිසස් පිලට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට 11 වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගවාරයේදි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක් වීමට අවස්ථාව උදා වී තිබේ. ඔහුට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක් වීමට අවස්ථාව හිමි වී ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඬේවිඞ් වෝනර්ගේ හිදැස පිරවීම සඳහාය.

ගෙවීගිය මාස කිහිපය තුළදී ඔහු ක්‍රීඩා පිටිය තුළ දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන සන්රයිසස් කණ්ඩායමට එක් කර ගැනිමට නියමිතය. එමෙන්ම තම කණ්ඩායමට ඔහුගෙන් සර්ථක ආරම්භයක් තරගාවලියට ලබා ගැනිමට හැකි බවත් හයිද්‍රාබාද් කණ්ඩායමේ නිළධාරින් ප්‍රකාශ කර තිබේ.

දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර පන්දුව පළුදු කිරීමට අනුබල දීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටිව් ස්මිත්ට සහ උප නායක ඬේවිඞ් වෝනර් දෙදෙනාම වසරක තරග තහනමකට ලක් කිරිමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම තහනම පැනවීමට පෙරම ඬේවිඞ් වෝනර් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉල්ලා අස්විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නිලධාරින් ප්‍රකාශ කර සිටියේ මෙම සියලු සිද්ධි පදනම් කර ගනිමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන තම සංචිතයෙන් ඬේවිඞ් වෝනර්ගේ නම ඉවත් කෙරුනු බවයි.
 

- 088

 


අදහස් (0)

කුසල් ජනිත් සන්රයිසස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.