Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොට්‍රෙල්ගේ පන්දු යැවීම කොදෙව් පිල දිනවයි

කොට්‍රෙල්ගේ පන්දු යැවීම කොදෙව් පිල දිනවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෙල්ඩන් කොට්‍රෙල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩොස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කර ගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 47.4 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 263 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොට්‍රෙල් ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ජේසන් හෝල්ඩර් ලකුණු 53 කට කඩුලු 3 ක් දවාගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ බෙන් ස්ටොක්ස් පන්දු 85 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 79 ක් රැස්කළේය. නායක ඔයින් මෝගන් (70) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටෝක්ස්, ඉන් නොනැවතී ජොස් බට්ලර් (34) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

පන්දු 83 කදී වාර්තා වූ මෝගන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ශෙල්ඩන් කොටේ‍රල්ගේ පන්දුවක් හමුවේ ශිම්රන් හැට්මෙයර් අතට උඩ පන්දුවක් දෙමින් මෝගන් දැවී යෑමත් සමග සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ස්ටෝක්ස් සහ බට්ලර් පිටියෙන් ඉවත් කිරීමට ජේසන් හෝල්ඩර් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 289 ක් රැස්කළ අතර එහිදී වේගවත් ශතකයක් ලබාගැනීමට ශිම්රන් හැට්මෙයර් සමත් විය. පන්දු 83 කට මුහුණදුන් හැට්මෙයර් හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සිය ශතකය සම්පූර්ණ කළේය. ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 76 සම්බන්ධතාවක් ගොඩනැගීමටද හැට්මෙයර් සමත් විය.

පන්දු 63 කදී වාර්තා වූ ගේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර ජෝන් කැම්බල් හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක්ද, ශායි හෝප් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 289
(ක්‍රිස් ගේල් 50, ජෝන් කැම්බල් 23, ශායි හෝප් 33, ශිම්රන් හැට්මෙයර් නොදැවී 104)

එංගලන්ත පිල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 263
(ජෝ රූට් 36, ඔයින් මෝගන් 70, බෙන් ස්ටෝක්ස් 79, ජොස් බට්ලර් 34, ආදිල් රෂීඞ් 15, ශෙල්ඩන් කොට්‍රෙල් 46/5, ජේසන් හෝල්ඩර් 53/3)

-036


අදහස් (0)

කොට්‍රෙල්ගේ පන්දු යැවීම කොදෙව් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.