Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ස්ටැන්ෆෝඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 71 ක ජයක් අත්කරගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 69 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නියෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූ අමා කාංචනා පන්දු 21 කදී හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් පමණක් රැස්කළාය.
පන්දුවට පහදීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියන් 9 දෙනාගෙන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට අසමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශකීරා සෙලමන් සහ ඇනීසා මොහොමඞ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිතිකාරිනියන් කිහිප දෙනකුම ලකුණු 30 සීමාව ඉක්මවා ගියද ඒ කිසිවකුට දිගු ඉනිමක කරා යා නොහැකි විය. එසේ වුවත් ඕවර 20 ක් අවසානයේ කඩුලු 4 ක් දෙනා දැවී ලකුණු 140 ක් රැස්කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හේලි මැතිව්ස් (37) සහ නායක ස්ටැෆනි ටේලර් (31) කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 37 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ ස්ටැෆ්නිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
අවසන් ඕවර කිහිපයේදී මෙරිසා ඇගුයිලෙයිරා පන්දු 19 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 22 ක්ද, බි්‍රට්නි කූපර් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් සාර්ථකම ශ්‍රී ලංකා පන්දු යවන්නිය වූවාය.
බ.ඉ. කොදෙව් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 140
(හේලි මැතිව්ස් 37, ස්ටැෆ්නි ටේලර් 31, ඩීන්ඩ්‍රා ඩාටින් 15, මෙරිසා අගුයිලෙයිරා නොදැවී 22, බි්‍රට්නි කූපර් 20, ඉනෝකා රණවීර 35/2)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 69
(අමා කාංචනා 17, ශකීරා සෙලමන් 6/2, ඇනීසා මොහොමඞ් 14/2)
|
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.