Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල, දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අතර මඟ අත්හැර දමා ආපසු සිය රටට යෑමට සූදානමින් සිටින බව වාර්තා වේ.
කොදෙව් කි‍්‍රකට් පාළක මණ්ඩලය සහ කොදෙව් කි‍්‍රකට් කණ්ඩායම අතර කී‍්‍රඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදයක් හේතුවෙන් මෙලෙස ඉන්දීය සංචාරයේ ඉතිරි තරග වර්ජනය කිරීමට ඔවුන් තීරණය කර තිබෙන බවද ඊයේ (17 වැනිදා) වාර්තා විය.
ඒ අනුව දෙරට අතර ඊයේ ධර්මශාලාහිදී පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගය ඉන්දීය සංචාරයේ කොදෙව් පිල සහභාගී වන අවසන් තරගය වීමට ඉඩ තිබිණි.
කෙසේ වුවත් දෙරට අතර පස්වැනි එක්දින තරගය, විස්සයි20 තරගය සහ ටෙස්ට් තරග 3, මෙම සිදුවීම හේතුවෙන් අත්හිටු වීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.