Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් පිල ලකුණු 256 ක් පසුපසින්

කොදෙව් පිල ලකුණු 256 ක් පසුපසින්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක  ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාහිදී පැවැත්වෙන දෙවැනි තරගයේ දෙවැනි දිනය වු අද (13) දිනයේ ක‍්‍රීඩාව අත්හිටුවන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 143 ක් රැස්කර සිටියේය.

දිනය අවසන් වන විට කොදෙව් පිල කඩුලූ 2 ක් පමණක් අතැතිව ලකුණු 256 ක් පසු පසින් සිටියේය.  

ස්ටීව් ස්මිත් පන්දු 361 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 199 ක් ලබා සිටියදී දැවී යෑම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය.

වේග පන්දු යවන ක‍්‍රීඩක ජේරමි ටේලර් ලකුණු 47 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.


ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම ඕවර 126.5 කදී සියලූ දෙනා දැවී 399
(ස්ටීව් ස්මිත් 199, මයිකල් ක්ලාක් 47, ඇඩම් වෝග්ස් 37, ෂේන් වොට්සන් 25, බ‍්‍රැඞ් හැඩින් 22, ජෝෂ් හස්ලිවුඞ් 24, ජෙරමි ටේලර් 47/6, ජේසන් හෝල්ඩර් 64/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 47 කදී කඩුලූ 8 ට 143
(ශායි හොපි 26, ජර්මේන් බ්ලැක්වුඞ් 51, ජේසන් හෝල්ඩර් නොදැවී 13, ජෝෂ් හස්ලිවුඞ් 15/3, නේතන් ලියෝන් 35/3)


- 048


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 256 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.