Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වන අද (27) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් ‘ඒ’ පිල දෙවැනි ඉනිමේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 183 රැස්කර සිටියේය.
තෙවැනි දිනය අවසන් වන විට කොදෙව් පිල කඩුලූ 7 ක් අතැතිව ලකුණු 166 ක් පෙරමුණට පැමිණ සිටියි.
අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනයේ යැවිය යුතුව තිබූ ඕවර 16 ක් ඉතිරිව තිබියදී තරගය අත්හිටුවීමට සිදුවිය.
ලකුණු 97 කට කඩුලූ තුනක් බිද වැටී තිබියදී එකතු වූ ජොනතන් කාටර් (නොදැවී 69) ඇන්ඩෲ ෆ්ලෙචර් (නොදැවී 36) සිවුවැනි කඩුල්ලට ලකුණු 86 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම අද පෙරවරුවේ පළමු පැය තුළදී ලකුණු 299 කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 17 ක් පමණක් පෙරමුණට පැමිණියේය.
දෙවැනි දිනය වූ ඊයේ (26) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 248 ක් රැස්කර සිටියේය.
හෙට (28) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.