Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ වි:20 තරගාවලිය ජයගනිති

කොදෙව්වෝ වි:20 තරගාවලිය ජයගනිති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තය සමග පැවති තරග 3 කින් සමන්විත වි:20 කි‍්‍රකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. බාබඩෝස්හිදී ඊයේ (11 වැනිදා) පැවති දෙවැනි වි:20 තරගයේදී එංගලන්ත පිල කඩුලූ 5 කින් පරාජය කිරීමත් සමග ඔවුහු මෙම තරගාවලිය ජයගැනීමට සමත්වූහ.

තරගය ජයගැනීම සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිල, කඩුලූ 5 ක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකරගියේය.

එහිදී ඞ්වේන් ස්මිත් (30) සහ කි‍්‍රස් ගේල් (36) එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 48 ක් වේගවත් සම්බන්ධතාවක් පිහිටවූ අතර නායක ඩැරන් සැමී පන්දු 9 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙනගියේය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 152 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.

එංගලන්තය වෙනුවෙන් වේගවත් පිති හරඹයක නිරතවූ ජොස් බට්ලර් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 67 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ වමතින් මඳ වේග පන්දුයවන කී‍්‍රඩක කි‍්‍රෂ්මර් සන්ටෝකි ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.


එංගලන්තය -  ඕවර 20 කදී කඩුලූ 7 කට 152
(ඇලෙක්ස් හේල්ස් 40, ජොස් බට්ලර් 67, රවි බොපාරා 14, කි‍්‍රෂ්මර් සන්ටෝකි 21/4, බ්වේන් බ‍්‍රාවෝ 34/2)

බටහිර ඉන්දීය කොදෙව්  -  ඕවර 18.5 කදී කඩුලූ 5 කට 155
(ඞ්වේන් ස්මිත් 30, කි‍්‍රස් ගේල් 36, මාලන් සැමුවෙල්ස් 28, ලෙන්ඞ්ල් සිමන්ස් 19, ඩැරන් සැමී 30, ටිම් බ්‍රෙස්නන් 51/2)


 - 036

 


අදහස් (0)

කොදෙව්වෝ වි:20 තරගාවලිය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.