Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්තර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. කොල්කටා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා සකීබ් අල් හසන් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුවූ අතර හයේ පහර 2 ක් එල්ල කරමින් පන්දු 4 ක් තුළ එම ලකුණු සංඛ්‍යාව සම්පූරණ කිරීමට ශුබ්මන් ගුල් සමත් විය.
කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම සඳහා ගුල්ට අනගි සහායක් දුන් ඔන්ඩ්‍රි රසල් පන්දු 14 කදී නොදැවී ලකුණු 49 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ආරම්භක පිතිකරු නිතිෂ් රානා පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 68 ක් රැස්කරමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. රොබින් උතප්පා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රානා සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 53 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 85 ක් රැස්කළේය.
ජොනී බෙයාස්ට්‍රෝ (39) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝනර් සමත් විය. පියුෂ් චවුලාගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් බෙයාස්ට්‍රෝ දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර දැවීයන විට පන්දු 35 කට මුහුණදී සිටි බෙයාස්ට්‍රෝගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 24 කට මුහුණදුන් විජේ ශංකර් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් හයිද්‍රාබාද් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 181
(ඬේවිඞ් වෝනර් 85, ජොනී බෙයාස්ට්‍රෝ 39, විජේ ශංකර් 40)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 4 කට 183
(නිතිෂ් රානා 68, රොබින් උතප්පා 35, ඔන්ඩි්ර රසල් නොදැවී 49, ශුබ්මන් ගුල් නොදැවී 18)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.