Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොල්කටා ලකුණු 28 කින් පංජාබ් පරදවයි

කොල්කටා ලකුණු 28 කින් පංජාබ් පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) හයවැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (27) රාත්‍රී පැවැති තරගයෙන් කොල්කටා පිල ලකුණු 28 ක ජයක් ලැබීය.

ලකුණු 219 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කිංග්ස් XI පංජාබ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු හතරක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 190 ක් පමණි.

ඬේවිඞ් මිලර් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40 කින් නොදැවී ලකුණු 59 ක් රැස්කළ ද එය ජයග්‍රහණයට යෑමට ප්‍රමාණවත් නොවීය.

මයාන්ක් අගර්වල් පන්දු 34 කින් හතරේ පහර හයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.
පංජාබ් පිලේ ප්‍රබලතම පිතිකරු වූ ක්‍රිස් ගේල් පන්දු 13 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 20 ක් ලබා දැවී යෑම කොල්කටා පිලට ප්‍රසාද දීමනාවක් බඳුවිය.

පළමු පන්දුවට පහර දුන් කොල්කටා පිලේ ඇන්ද්‍රි රසල් අවසන් ඕවර කීපයේදී පංජාබ් පන්දු යවන්නන්ට ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 17 කින් ලකුණු 48 ක් ලකුණු පුවරුවට එකතු කිරීමට තරගයේ තීරණාත්මක සාධකය බවට පත්විය. රසල්ගේ ඉනිමට හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.

රසල් ලකුණු තුනක් පමණක් ලබා සිටියදී මොහොමඞ් ශාමිගේ පන්දුවකට දැවී ගියද, පන්දු රකින්නන් ස්ථානය ගත කිරීමේ වරදක් හේතුවෙන් එම පන්දුව නිපන්දුවක් බවට පත්විය.   

රොබින් උත්තප්පා පන්දු 50 කින් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කළේය.

නිටිෂ් රානා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34 කින් ලකුණු 63 ක් රැස්කිරීමට සමත් විය. නිටිෂ් රානාගේ ඉනිම හයේ පහර හතකින් සහ හතරේ පහර දෙකකින් වර්ණවත් විය.

රොබින් උත්තප්පා සහ නිටිෂ් රානා තෙවැනි කඩුල්ලට පන්දු 66 කින් ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කොල්කටා පිලේ ආරම්භක පිතිකරු කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් පන්දු නවයකින් හයේ පහර තුනක් සහ හතරේ පහරකින් ලකුණු 24 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ගෙන දුන්නේය.

ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ලීන් ලකුණු 10 කට දැවී යෑම කොල්කටා පිලට පාඩුවක් බවට පත්විය.   

කාසියේ වාසිය ලැබූ පංජාබ් පිලේ නායක රවිචන්ද්‍රන් අෂ්වින් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී පංජාබ් පිලට පළමු තරගයට ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු වේගකාරී පිතිකරු ඩේවිඩ් මිලර් ක්‍රීඩා කළේය.


කොල්කටා නයිට් රයිඩස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 218
(සුනිල් නරේන් 24, රොබින් උත්තප්පා නොදැවී 67, නිටිෂ් රානා 63, ඇන්ද්‍රි රසල් 48)

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 190
(ක්‍රිස් ගේල් 20, මයාන්ක් අගර්වල් 58, ඬේවිඞ් මිලර් නොදැවී 59, මන්දීප් සිං නොදැවී 33, ඇන්ද්‍රි රසල් 21/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි


- 048

 


අදහස් (0)

කොල්කටා ලකුණු 28 කින් පංජාබ් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.