Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති රාත්‍රි තරගය කඩුලු 3 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය. මේ සමගින් කොළඹ කණ්ඩායම සහභාගීවූ තරග 3 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් උපුල් තරංග ලකුණු 35 ක් රැස්කර සිටියදී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පන්දු 21 කට මුහුණදුන් තරංගගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.
ඕවර 8 ක් පමණ යනතුරු ලකුණු ලබාගැනීමේ වේගය 9 සීමාවේ රඳවා ගැනීමට කොළඹ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සමත්වුවද පසුපෙළ පිතිකරුවන් මෙල්ල කිරීමට දඹුල්ල කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත්වුහ.
අනෙක් පිතිකරුවන් වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවන විට කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහරදුන් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 20 කට දවාගැනීමට වනිඳු හසරංග සමත්විය.
පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 කට සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 24 කට සිය ඕවර 4 සීමාකරමින් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය.
දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල සංනිවේදනය හේතුවෙන් දුවද්දී දැවීයාම් හතරකට හසුකර ගනිමින් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වුහ. දුවද්දී දැවීයාම් හතරෙන් තුනක්ම ජීවන් මෙන්ඩිස් යවන ලද ඕවර තුළදී සිදුවූ අතර එම දැවීයාම් තුනටම ඔහුද සම්බන්ධවිය.
ආරම්භක පිතිකරු රමිත් රඹුක්වැල්ල වේගවත් පිතිහරඹයක නිරතවෙමින් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර අකිල ධනංජයගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු ලකුණු 33 කට දැවී ගියේය.
පන්දු 22 කට මුහුණදුන් රඹුක්වැල්ලගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය යවන ලද ඕවර වලදී කමිඳු මෙන්ඩිස් සහ ළහිරු මදුශංක විසින් උඩපන්දු 2 ක් අතහැරීම හේතුවෙන් රමිත් රඹුක්වැල්ල අවස්ථා දෙකකදී කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්ත විය.
පළමු කඩුල්ල සඳහා පන්දු 34 කදී ලකුණු 43 ක් සම්බන්ධතාවයක් ගොඩනැගීමට රමිත් රඹුක්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමත්වූවද අනෙක් පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාවක් හිමිනොවූහ.
රමිත් රඹුක්වැල්ලට අමතරව ලකුණු 20 සීමාව පසුකළ එකම පිතිකරුවාවූ ධනුෂ්ක ගුණතිලක වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටියද ඔහුගෙන් සුපුරුදු වේගවත් පිතිහරඹය දක්නට නොලැබුණි. පන්දු 30 කට මුහුණදුන් ධනුෂ්කට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණී.
දුවද්දී දැවීයාම් 3 ක් සමගින් කඩුලු 5 ක් ලකුණු 77 ක් තුළ දැවීයාම හේතුවෙන් දඹුල්ල කණ්ඩායමේ අවසන් පිතිකරුවන්ට නියමිත ඕවර සංඛ්‍යාව නිමාවනතෙක් පන්දුවට පහරදීමට නොහැකිවූහ.
අකිල ධනංජය කඩුලු 3 ක් සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සම්මු අශාන් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
කෘමි සතුන් තණතීරූවට ඉහළින් ගැවසීම හේතුවෙන් තරග ආරම්භය මිනිත්තු 15 ක් පමණ ප්‍රමාද විය.
අද තරගයේදී කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසිනුත් දඹුල්ල කණ්ඩායම ඩිල්රුවන් පෙරේරා විසිනුත් මෙහෙයවනු ලබති.
කොළඹ - දඹුල්ල වි20 ලීග් තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.