Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 934 ක් සමගින් පළමු තැනට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්විය.
එංගලන්තය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ පන්දු 225 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 22ක් සමගින් ලකුණු 149ක් ලබා ඉන්දීය ඉනිම ශක්තිමත් කරන ලදී. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද, ලකුණු 51කින් සිය කණ්ඩායමට පූර්ණ දායකත්වය ලබා දීමට විරාට් කෝලිට හැකියාව ලැබුණද, පළමු ටෙස්ට් තරගයෙන්ම ලකුණු 31කින් පරාජය වීමට ඉන්දියාවට සිදුවිය.
ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටීව් ස්මිත් මීට පෙර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවිය. එහෙත් දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී, පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම නිසා මාස 12ක තරග තහනමකට ලක්වීමට ස්මිත්ට සිදුවිය.
ස්ටිව් ස්මිත්ට වඩා ප්‍රසාද ලකුණු 26ක් පිටුපසින් සිටිමින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ කළ විරාට් කෝලි, ප්‍රසාද ලකුණු 903 ක් සමගින් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ රැදී සිටියේය.
2011 වසරේදී සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට පත් වූ පළමු අවස්ථාවද මෙය වේ. මේ වන විට ටෙස්ට් තරග 67 කට ක්‍රීඩාකර ඇති විරාට් කෝලි ශතක 22ක් සහ අර්ධ ශතක 16ක් සමගින් ටෙස්ට් ලකුණු 5703 ක් ලබා සිටියි.
ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත සටහන
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.