සැප්තැම්බර් මස 15 වැනිදා සිට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි විවේක ගැන්වීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාට හිමිව තිබේ.
ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ටේ්‍රලියානු ටෙස්ට් තරගාවලිවලට සූදානම් වීම සඳහා විවේකයක් ලබා දීමේ අරමුණින් තේරීම් කමිටුව කෝලිට මෙම විවේකය ලබා දී තිබේ.
මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ ටෙස්ට් තරගාවලියට සහභාගි වීම නිසා කෝලි මහත් වෙහෙසට පත්ව සිටීමත්, දිගින් දිගටම ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහු ආබාධවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බවත් සැලකිල්ලට ගනිමින් ඉන්දීය තේරීම් කමිටුව කෝලි විවේක ගැන්වීමට තීරණය කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත වන අතර තවමත් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඛලීල් අහමඞ්ද ඊට ඇතුළත්ව සිටියි.
ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශිකර් ධවාන් (උප නායක), ලොකේෂ් රාහුල්, අම්බටි රයිඩු, කේදර් ජාදව්, මනීෂ් පාණ්ඬේ, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික්, හර්දීක් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චාහල්, අක්ෂර් පටේල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීත් බුම්රා, ශර්දුල් ඨාකූර් සහ ඛලීල් අහමඞ්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.