Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවය ඊයේ (11 වැනිදා) ඉතාලියේදී පැවැත්විණි. ඔවුන් දෙදෙනාගේ විවාහය, එය සිදුවන දිනය සම්බන්ධයෙන් බොහෝ හිත මිතුරන් විසින් කරන ලද උපකල්පන වලට තිත තැබීමක් විය.
“සදහටම ආදරයෙන් බැඳී සිටින බව අද දින අපි එකිනෙකාට පොරොන්දු වූයෙමු. මේ අලංකාර දිනයේ එම ප්‍රවෘත්තිය ඔබ සියලු දෙනා සමගින් බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි භාග්‍යවන්තයෝ වන්නෙමු” යයි විරාට් කෝලි සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර තිබිණ.
සිය විවාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ කෝලි යුවළ, තමන්ගේ පවුලේ ඥාතීන් සහ සමීප හිත මිතුරන් පමණක් විවාහ මංගලෝත්සවයට සහභාගි වූ බවත් මෙම විවාහ මංගලෝත්සවය පෞද්ගලික අවස්ථාවක් විය යුතු යයි ඔවුන්ගේ අදහස වූ බවත් පවසා තිබිණ.
ඉතාලියේදී පැවැත්වූ නමුත් විවාහ මංගලෝත්සවය සම්පූර්ණයෙන්ම හින්දු චාරිත්‍රානුකූලව පැවැත්විණ. මේ වන විට දෙදෙනාම 29 වැනි වියේ පසුවෙති.
කෝලි සහ අනුෂ්කා දෙසැම්බර් 21 වැනිදා දිල්ලියේදී සිය නැදෑ හිතමිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වනු ලබන අතර දෙසැම්බර් 26 වැනිදා මුම්බායිහිදි බොලිවුඞ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙනු සාදයක් පැවැත්වීමට සූදානමින් සිටිති. අනතුරුව දෙදෙනාම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමිනි.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 4 වැනිදා කේප් ටවුන් නුවරදී ආරම්භ වන අතර ඒ සතියේදීම අනුෂ්කා ෂර්මා තමන්ගේ ගිවිසුම් අනුව කටයුතු කිරීම සඳහා මුම්බායි බලා පැමිණෙනු ඇත.
ඉන්දිය මාධ්‍ය විසින් විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා යුවළ ‘විරුෂ්කා’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වීමට ආරම්භ කර තිබේ. විවාහයෙන් අනතුරුව දෙදෙනාම මුම්බායිහි පදිංචි වන බවද කෝලි යුවළගේ නිවේදනයේ සඳහන් වේ.
විරාට් කෝලි ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අයකු වන අතර අනුෂ්කා ෂර්මා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කෙරෙන බොලිවුඞ් සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි නිළියකි. දෙදෙනා අතර සම්බන්ධතාව ආරම්භ වූයේ වසර 2013 දී ෂැම්පු දැන්වීමක් රූගත කිරීමට එක්වූ අවස්ථාවේදීය.
දෙදෙනාගේ විවාහය සිදුවන දිනය සම්බන්ධයෙන් බොහෝ උපකල්පන පැවැති නමුත් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් නම් නොකෙරිණ. මේ අතරවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් විරාට් කෝලි ඉවත් වූ අතර අනුෂ්කා ෂර්මාද දෙසැම්බර් මාසයේදීම තමන්ගේ කාර්යබහුළ නිළි දිවියෙන් විවේක ගත්තාය. පසුගිය සතියේදී අනුෂ්කා ෂර්මා සහ ඇයගේ පවුලේ අය මුම්බායි ගුවන් තොටුපොළේදී එකට සිටි බවත් ඔවුන් යුරෝපයේ ගමනාන්තයක් කරා පියාසර කළ බවත් වාර්තා විය.
ශ්‍රී ලංකා පිලට එරෙහිව නාග්පූර් සහ දිල්ලියේදී ද්විත්ව ශතක දෙකක් ලබාගත් විරාට් කෝලි ටෙස්ට් ද්විත්ව ශතක හයක් රැස්කළ ලොව පළමු නායකයා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්විය. බොලිවුඞ් සිනමාවේ නම රැන්දූ නිළියක වන අනුෂ්කා “ජබ් තක් හේ ජාන්” (මා ජීවත්වන තුරු) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ෆිල්ම් ෆෙයර් සම්මානය දිනාගත්තාය.
ඉන්දීය රූපවාහිනී සේවාවන් විසින් මෙම විවාහය නම්කර ඇත්තේ ”වසරේ විවාහය” ලෙසිනි. බොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය තරු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝද කෝලි යුවළට සුබ පැතුම් එක්කරමින් ට්විටර් පණිවුඩ තබා තිබිණ,
“අනුෂ්කා සහ විරාට් දෙදෙනාගේ විවාහයට උණුසුම් සුබපැතුම්..අපේ සමාජයට සාදරයේ පිළිගනිමු. ඔබ දෙදෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා” යයි ජනප්‍රිය බොලිවුඞ් නළු අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. බොලිවුඩයේ අසහාය නළු අමිතාබ් බච්චන්ගේ එකම පුතණුවන් වන අභිෂේක් විවාහ වී සිටින්නේ හිටපු ලෝක රූ රැජිනක මෙන්ම වර්තමානයේ බොලිවුඞ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වන අයිශ්වර්යා රායි සමගිනි.
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.