Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ බී.ආර්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 9 ක් දැවී ලකුණු 272 ක් රැස්කිරීමට කෝල්ට් පිල සමත්විය.
එහිදි කෝල්ට්ස් පිලේ නායක ප්‍රියමාල් පෙරේරා ශතකයක් ලබාගනිමින් නොදැවි කඩුල්ලේ රැඳී සිටින්නේය. පන්දු 237 කට මුහුණදී සිටින ප්‍රියමාල් පෙරේරා හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත්විය.
බී.ආර්.සී පිලේ තිලකරත්න සම්පත් ලකුණු 56 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තවත් තරග 5 ක් එන්.සී.සී, පනාගොඩ යුදහමුදා, මුවර්ස්, මග්ගොන සරේ සහ මොරටුව ද සොයිසා යන ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය.
ද්‍රවිඩ සංගම් පිලේ ජීවන් මෙන්ඩිස් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 93 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 272
(හෂාන් දුමිඳු 42, නිශාන් මදුෂ්ක 46, ප්‍රියමාල් පෙරේරා නොදැවී 110, තිලකරත්න සම්පත් 56/6, දුවිඳු තිලකරත්න 90/2)
එන්.සී.සි 218, වරාය අධිකාරිය 84/1
එන්.සී.සී සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(හසිත බෝයගොඩ 34, චතුරංග ද සිල්වා 39, මාලිංග අමරසිංහ 54, සමිත රංග 42, සාරංග රාජගුරු 27, චමින්ද බණ්ඩාර 55/3, අනුක් ද අල්විස් 11/2, ඉමේෂ් උදයංග 52/2, චානක කොමසාරූ 59/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුල්ලක් දැවී ලකුණු 84
(ප්‍රිමෝෂ් පෙරේරා 43, රමේෂ් නිමන්ත 23)
යුද හමුදාව 204/4
යුද හමුදාව සහ රාගම කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 83.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 204
(ලක්ෂාන් එදිරිසිංහ 38, ලක්ෂිත මදුශාන් 42, දුශාන් විමුක්ති නොදැවී 57, සංජික රිද්ම නොදැවී 31, අමිල අපෝන්සු 51/2)
මූවර්ස් 324/9
ද්‍රවිඩ සංගමය සහ මූවර්ස් කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 94 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 324
(පබසර වඩුගේ 24, ඉරෝෂ් සමරසූරිය 24, චරිත කුමාරසිංහ 36, අයන සිරිවර්ධන 31, චාමර සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් නොදැවී 75, නිපුන් සුභසිංහ 35, ජීවන් මෙන්ඩිස් 119/5, දමිත සිල්වා 59/3)
මීගමුව පිල 215/9
මීගමුව සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
මීගමුව - පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 215
(ශෙහාන් ජයසූරිය 62, අශේන් සිල්වා 26, ලසිත් කෲස්පුල්ලේ 56, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 30, චාමිකර එදිරිසිංහ 50/3, හරීන් වීරසිංහ 29/2, සාලිය සමන් 30/2)
සී.සී.සී 307/7
සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 307
(රොන් චන්ද්‍රගුප්ත 36, මාධව වර්ණපුර 59, මිනෝද් භානුක 27, වනිඳු හසරංග 82, ලසිත් අබේරත්න 49, මලිඳු මදුරංග නොදැවී 20, සචිත් පතිරණ 120/3, බුද්ධික සංජීව 68/2)
ඡායාරූපය - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.