Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගප්ටිල්ගේ ශතකය නවසීලන්තයේ ජය පහසු කරයි

ගප්ටිල්ගේ ශතකය නවසීලන්තයේ ජය පහසු කරයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නේපියර්හිදී ඊයේ (13 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙටර අතර පැවැත්වනෙ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 44.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 116 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 117 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

හෙන්රි නිකෝල්ස් (53) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගප්ටිල්, ඉන් නොනැවතී රොස් ටේලර් (නොදැවී 45) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 96 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 80 කට මුහුණ දුන් නිකොල්ස් හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙහෙදි හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 49 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක ටේ‍රන්ට් බෝල්ට් සහ මිචෙල් සෑන්ට්නර් කඩුලු 3 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ. මැට් හෙන්රි සහ ලොකී ෆර්ගියුසන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන්හ. 

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඞ් මිතුන් පන්දු 90 කදී ලකුණු 62 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. මොහොමඞ් සයිෆුඩීන්ද පන්දු 58 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින්ද, සෞම්‍ය සාකර් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කරමින්ද බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

බංග්ලාදේශය - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 232 
(සෞම්‍ය සාකර් 30, මොහොමඞ් මිතුන් 62, මෙහෙදි හසන් 26, මොහොමඞ් සයිෆුඩීන් 41, ටේ‍රන්ට් බෝල්ට් 40/3, මිචෙල් සෑන්ට්නර් 45/3, ලොකී ෆර්ගියුසන් 44/2, මැට් හෙන්රි 48/2) 

නවසීලන්තය - ඕවර 44.3 කදී කඩුලු 2 ක් දැවී 233
(මාටින් ගප්ටිල් නොදැවී 117, හෙන්රි නිකෝල්ස් 53, රොස් ටේලර් නොදැවී 45) 

-036


අදහස් (0)

ගප්ටිල්ගේ ශතකය නවසීලන්තයේ ජය පහසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.