Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගප්ටිල් - විලියම්සන් නවසීලන්තයට ජය ගෙනෙති

ගප්ටිල් - විලියම්සන් නවසීලන්තයට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රස්ට්චර්ච්හිදී අද (16 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 36.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පිට පිටම සිය දෙවැනි අර්ධ ශතකයද ලබාගත්තේ පන්දු 88 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 118 ක් රැස්කරමිනි.

නායක කේන් විලියම්සන් (නොදැවී 65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 143 ක් සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ගප්ටිල් සමත් විය. එහිදී පන්දු 86 කට මුහුණ දුන් විලියම්සන්, හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසීය.

ගප්ටිල්ගේ දැවී යෑමෙන් අනතුරුව රොස් ටේලර් (නොදැවී 21) සමග එක්වූ විලියම්සන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 ලකුණු 41 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 20 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 226 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක ලොකී ෆර්ගියුසන් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත් අතර බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටොඞ් ඇස්ටේල් සහ ජේම්ස් නීෂම් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.  

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඞ් මිතුන් පන්දු 69 කදී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. සබීර් රෙහෙමාන්ද පන්දු 65 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


බංග්ලාදේශය - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 226  
(සෞම්‍ය සාකර් 22, මුෂ්ෆිකුර් රෙහෙමාන් 24, මොහොමඞ් මිතුන් 57, සබීර් රෙහෙමාන් 43, මෙහෙදි හසන් 16, ලොකී ෆර්ගියුසන් 43/3, ජේම්ෂ් නීෂම් 21/2, ටොඞ් ඇස්ටේල් 52/2)

නවසීලන්තය - ඕවර 36.1 කදී කඩුලු 2 ක් දැවී 229
(මාටින් ගප්ටිල් 118, හෙන්රි නිකෝල්ස් 14, කේන් විලියම්සන් නොදැවී 65, රොස් ටේලර් නොදැවී 21, මුස්තෆිසුර් රෙහෙමාන් 42/2)


-036

 


අදහස් (0)

ගප්ටිල් - විලියම්සන් නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.