ගාල්ල - කොළඹ සම ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව ගාල්ල සහ කොළඹ යන කණ්ඩායම්වලට හිමිවිය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) පැවැති අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පස්වරුවේ තරගය අතහැර දැමීමට සිදුවිය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිල ඕවර 50 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 337 ක් රැස්කිරීමට සමත් විය.
වනිඳු හසරංග පන්දු 53 කින් රැස්කළ ලකුණු 87 නිසා ගාල්ල පිලට මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවට ඒමට අවස්ථාව උදාවිය. වනිඳුගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.
ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න පන්දු 128 කින් හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය. ගාල්ල පිලේ නායක ලසිත් මාලිංග කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
දඹුල්ල පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස ද, ගාල්ල පිලේ නායක ලසිත් මාලිංග තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, ගාල්ල පිලේ ධනංජය ද සිල්වා තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ද, සම්මාන ලැබූහ.
ලකුණු පුවරුව
ගාල්ල කණ්ඩායම
සඳුන් වීරක්කොඩි - ප. ලක්මාල් 0
ළහිරු තිරිමාන්න - ප. අසිත 115
ධනංජය ද සිල්වා - ඇ. චාමික ප. ෂෙහාන් 32
කුසල් මෙන්ඩිස් - ඇ. අවිෂ්ක ප. චාමික 11
මිලින්ද සිරිවර්ධන - ඇ. අසිත ප. සීකුගේ 8
වනිඳු හසරංග - දුවද්දී දැවී ගියා 87
මිනෝද් භානුක - දුවද්දී දැවී ගියා 21
ළහිරු මධුසංඛ - නොදැවී 24
ධම්මික ප්‍රසාද් - නොදැවී 1
අතිරේක 14
එකතුව ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී 337
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග
කඩුලු වැටීම:
1-0(සඳුන්), 2-59(ධනංජය), 3-78(කුසල්), 4-129(මිලින්ද), 5-273(වනිඳු), 6-296(තිරිමාන්න), 7-324(මිනෝද්)
පන්දු යැවීම:
සුරංග ලක්මාල්: 9-2-52-1, අසිත ප්‍රනාන්දු: 9-0-66-1, ෂෙහාන් ජයසූරිය: 10-0-42-1, සීකුගේ ප්‍රසන්න: 4-0-41-1, චාමික කරුණාරත්න: 6-0-47-1, අකිල ධනංජය: 9-0-63-0, කමිඳු මෙන්ඩිස්: 3-0-25-0
කොළඹ කණ්ඩායම:
අවිෂ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ෂෙහාන් ජයසූරිය, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්