Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇතැයි ක්‍රිකට් බලධාරීහු සැක පළකරන තත්වයක් අද (17 වැනිදා) කොළඹ සෙත්සිරිපායේ පැවති රැස්වීමකින් අනතුරුව උද්ගතවී ඇත.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඇතුළු ක්‍රීඩා මණ්ඩප කිහිපයක් නිසා ගාල්ල කොටු පවුර ආවරණය වී ඇතැයිද එමගින් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කළයුතු සම්මුති බිඳ දමා ඇතැයිද කියැවේ. එය නිවැරදි කිරීම සදහා ගාල්ල ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩාගාරය සහ එය දෙපස ඇති ගොඩනැඟිලි කඩා දැමීමේ තීන්දුවකට එලඹීමට තීරණය කර ඇති බවත් වාර්තාවේ.
ගාල්ල ක්‍රීඩාංගනයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය 2007 වසරේ ඉදිකර ඇති අතර එම ඉදිකිරීම සදහා ගාලු උරුමය පදනමින් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගෙන නැති බව ඔව්හු පවසති. නමුත් ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ගාල්ල නගර සභාවෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලබාදුන් අවසරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ගාලු උරුමය පදනමේ අනුමැතිය සඳහන් ව තිබෙන බවකි.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 31 ක් පවත්වා තිබෙන අතර ඉන් 18 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරග 5ක් ජයපැරදුමෙන් තොරව අවසන්වී ඇති අතර පරාජයට පත්ව ඇත්තේ තරග 7 ක් පමණකි.
ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන විට අති විශාල විදේශිකයෝ පිරිසක් ගාලු නගරයට පැමිණෙති. ලෝක උරුමයක් වන ගාලු කොටුව සහ ගාල්ල පිලිබදව ක්‍රිකට් ක්‍රීඩාව නිසා නොමිලයේ ප්‍රචාරයක් ලැබෙන බවත් එමගින් සංචාරක කර්මාන්තයට ඇති විශාල පිටුවහලක් ලැබෙන බවත් ගාල්ල ක්‍රීඩාංගනය පිළිබදව ඇතිවී තිබෙන මෙම තත්වය පිළිබදව කළ විමසීමකදී සංචාරක කර්මාන්තයේ යෙදී සිටින පිරිස් පවසති. වක්‍ර වශයෙන් සංචාරක කර්මාන්තය තුලින් යැපෙන සිය දහස් ගණනක් මෙම තීන්දුව කෙරෙහි උරණවී සිටිති.
මේ අතර ලබන නොවැම්බර් මස 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා -එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයට අදාළ ප්‍රවේශ පත් 3000 ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් විදේශකයින් විසින් මිලදී ගනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි. විදේශිකයන් 4500 පමණ දෙනා තරගය නැරඹීම සදහා මේවනවිටත් ගාල්ල, හික්කඩුව සහ උණවටුන සංචාරක නිකේතනවල කාමර වෙකරගෙන ඇති බවක්ද වාර්තාවේ.
වසර කිහිපයකට ඉහතදී ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගයකදී ප්‍රවේශපත්‍ර අලෙවි කෙරුණේ දිනයක් සඳහා රුපියල් 5000 ක් වැනි ඉහළ මිලකටය. එංගලන්තයේ සිට තරග නැරඹීමට පැමිණි විදේශිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රවේශපත් මිල නියම කරන ලද එම තරගය සම්පූර්ණයෙන් නැරඹීම සඳහා මීට වසර 10 කට පමණ ඉහතදී විදේශිකයකුට රුපියල් 25,000 ක් වැයකිරීමට සිදුවිය.
ගාලු කොටුව නැරඹීමට පමණක් සංචාරකයකු එංගලන්තයේ සිට ගාල්ලට පැමිණෙතැයි විශ්වාස කළ නොහැකි නමුත් ගාල්ලේ දී ටෙස්ට් තරගයත් නරඹා, ගාලු සිරියත් නැරඹීමෙන් පසුව ආපසු සිය රට යන ක්‍රීඩා ලෝලීන් දුසිම් ගණනක් සොයාගත හැකි බව සංචාරක කර්මාන්තයේ නිරතවන්නෝ පවසති. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුලින් ලොව ජය ගැනීමට පිඹුරුපත් සකසන රජය මේ කරන්නට යන්නේ තවත් අනුවණ ක්‍රියාවක් බව ඔව්හු කියති.
මෙම ක්‍රීඩාංගණය ඉවත් කිරීම පිළිබඳව පළමු රැස්වීම අරලියගහ මන්දිරයේ පවත්වා ඇති අතර එම රැස්වීමට ගාලු උරුමය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාල්ල නාගරික කොමසාරිස්, ගාල්ල මහ දිසාපති, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහ දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, එහි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබේ.
එම රැස්වීම පසුගිය සතියේදී ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට පෙරාතුව පවතී අතර එහිදී ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ ගාල්ලේදී පැවැත්වීමට තීරණය කර තිබු දකුණු අප්‍රිකානු තරගයද නතරකිරීමට බවත් කියවේ. කෙසේ නමුත් එම යෝජනාවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විරුද්ධ වීම නිසා ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ගාල්ල ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති සියලුම ටෙස්ට් තරග ජයගෙන තිබියදීත් දේශපාලන උවමනාවන් මත ගාල්ල ක්‍රීඩාංගණය එතැනින් ඉවත් කිරීමට ගන්නා සූදානම පිළිබඳව ගාල්ලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන අයත් නොමනාපය පළ කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.