Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගාල්ල පිලට ලකුණු 156 ක ජයක්

ගාල්ල පිලට ලකුණු 156 ක ජයක්

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (04) පැවැති තරගයේදී ගාල්ල පිල ලකුණු 156 කින් මහනුවර පිල පරාජය කිරීමට සමත් විය.
 
ලකුණු 256 ක ජයග්‍රාහි ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් මහනුවර පිල ඕවර 18.5 කදී ලකුණු 99 කට සීමා කිරීමට ලසිත් මාලිංග (49/7) සහ දුෂ්මන්ත චමීර (27/3) සමත් වූහ.  ලසිත් මාලිංග අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 49 කට කඩුලු හතක් දවාගැනීම කැපී පෙනුණි. 
 
ඉන්දියාවේ සිට අද (04) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි මාලිංග ලකුණු 40 ක් තුළ මහනුවර පිලේ ප්‍රබලතම කඩුලු පහක් දවාගනිමින් මහනුවර පිලේ කොන්ද කඩා දැමීය.  මාලිංග පෙර දින මධ්‍ය රාත්‍රී වන තෙක් මුම්බායි පිල නියෝජනය කරමින් අයි.පී.එල්. තරගයට සහභාගි වී අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන් පසුව පල්ළෙකැලේ බලා පිටත්ව ගියේය. මාලිංග පැය 11 ක පමණ කාලයක් තුළ රටවල් දෙකක තරග දෙකකට සහභාගි විය.  
 
මහනුවර පිලේ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 35 ක් රැස් කළේය. 
 
කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිලේ වැඩි ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 87 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 65 ක් රැස් කළේය. 
 
ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 63 කින් හතරේ පහර නවයක් සමගින් ලකුණු 56 ක් රැස් කළේය. 
 
වේග පන්දු යවන කසුන් රාජිත (44/3) සහ ජෙෆ්රි වැන්ඩසේ (55/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.  
 
 ලකුණු පුවරුව
 
ගාල්ල කණ්ඩායම
සඳුන් වීරක්කොඩි - ඇ. දිමුත් ප. වැන්ඩසේ 56
ළහිරු තිරිමාන්න - ඇ. ප්‍රදීප් ප. රාජිත 10
ධනංජය ද සිල්වා - ඇ. සරත්චන්ද්‍ර ප. තිසර 5
කුසල් මෙන්ඩිස් - ඇ. සදීර ප. වැන්ඩසේ 65
මිලින්ද සිරිවර්ධන - ඇ. ප්‍රියමාල් ප. සේනානායක 32
මිනෝද් භානුක - ඇ. සදීර ප. වැන්ඩසේ 39
වනිඳු හසරංග - දුවද්දී දැවී ගියා 3
සම්මු අෂාන් - ඇ. චතුරංග ප. රාජිත 20
ධම්මික ප්‍රසාද් - දුවද්දී දැවී ගියා 15
ලසිත් මාලිංග - ප. රාජිත 2
දුෂ්මන්ත චමීර - නොදැවී 2
අතිරේක 6
එකතුව ඕවර 50 යේදී සියලු දෙනා දැවී 255
කඩුලු වැටීම:
1-32(තිරිමාන්න), 2-51(ධනංජය), 3-97(සඳුන්), 4-142(මිලින්ද), 5-208(කුසල්), 6-215(වනිඳු), 7-215(මිනෝද්), 8-245(සම්මු), 9-250(මාලිංග), 10-255(ප්‍රසාද්)
පන්දු යැවීම:
නුවන් ප්‍රදීප්: 8-1-34-0, කසුන් රාජිත: 9-0-44-3, තිසර පෙරේරා: 7-0-37-1, සචිත්‍ර සේනානායක: 10-0-36-1, ජෙෆ්රි වැන්ඩසේ: 10-0-55-3, චතුරංග ද සිල්වා: 6-0-46-0
 
මහනුවර කණ්ඩායම
සදීර සමරවික්‍රම - ඇ. භානුක ප. මාලිංග 15
දිමුත් කරුණාරත්න - නොදැවී 35
පැතුම් නිස්සංක - ඇ. ප්‍රසාද් ප. මාලිංග 2
ප්‍රියමාල් පෙරේරා - ඇ. භානුක ප. මාලිංග 2
සචිත්‍ර සේනානායක - ක. මූ. කළා ප. මාලිංග 6
මනෝජ් සරත්චන්ද්‍ර - ප. මාලිංග 0
තිසර පෙරේරා - ඇ. මිනෝද් ප. චමීර 12 චතුරංග ද සිල්වා - ඇ. මිලින්ද ප. චමීර 1
ජෙෆ්රි වැන්ඩසේ - ඇ. තිරිමාන්න ප. චමීර 19
කසුන් රාජිත - ඇ. මිනෝද් ප. මාලිංග 0
නුවන් ප්‍රදීප් - ප. මාලිංග
අතිරේක 7
එකතුව ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 99
කඩුලු වැටීම:
1-25(සදීර), 2-27(පැතුම්), 3-32(ප්‍රියමාල්), 4-40(සචිත්‍ර), 5-40(සරත්චන්ද්‍ර), 6-57(තිසර), 7-59(චතුරංග), 8-90(වැන්ඩසේ), 9-99(රාජිත), 10-99(ප්‍රදීප්)
පන්දු යැවීම:
ලසිත් මාලිංග: 9.5-0-49-7, දුෂ්මන්ත චමීර: 5-0-27-3, ධම්මික ප්‍රසාද්: 4-0-20-0,
 
- 048

අදහස් (0)

ගාල්ල පිලට ලකුණු 156 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.